අතමිට දිගහැර බෝනස් දුන්නේ කාගේ සල්ලිවලින්ද.?

ඉදිරි මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය අත්හිටුවන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට රිට් පෙත්සමත් ගොනු කර ඇත. විශ්‍රාමික කර්නල්වරයෙකු වන ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර නමැත්තෙකු විසින් මෙම පෙත්සම ගොනු කර ඇත.

මැතිවරණ කොමිසන් සභාවෙන් ලැබුණු තොරතුරු අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට රුපියල් බිලියන 10කට අධික මුදලක් වැය වන බවත්, මුදල් අමාත්‍යාංශය විසින් එම මුදල් නිදහස් කරනු ලබන්නේ රාජ්‍ය ආදායම සහ ණය ගැනීමේ හැකියාව අනුව බවත්, වර්තමානයේ රටේ පවතින මූල්‍ය අර්බුදය මත මැතිවරණයක් පැවැත්වීම තුළින් පවතින ආර්ථික අර්බුදය ව්‍යසනකාරී විය හැකි බව අදාල පෙත්සම මගින් කර තිබේ.

එමෙන්ම මෙම පළාත් පාලන මැතිවරණය පැවැත්වීම මගින් රටට හෝ මහජනතාවට ඇතිවන සුගතිය කුමක්ද යන්න ප්‍රශ්න කර ඇති අතර, ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික ණය ලබාගැනීමේ නොහැකියාව හේතුවෙන් එවැනි කටයුත්තක් සඳහා මුදල් මුද්‍රණය කළහොත් එමගින් තවදුරටත් උද්ධමනය ඉහළ යන අතර ආර්ථික කඩාවැටීමක් සිදුවිය හැකි බව ද පෙත්සමෙහි වැඩිදුරට ත් සඳහන් කර ඇත.

වත්මන් රටේ පවතින ආදායම් තත්ත්වයත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවා ඇති කොන්දේසි සහ ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් ආයතන ලංකාවට මේ මොහොතේදී ලබාදී ඇති ශ්‍රේණිගත කිරීම් පිළිබඳවත්, පසුගිය වසර තුනක රජයේ ආදායම් සහ වියදම් පිළිබඳවත් කරුණු දක්වා ඇති පෙත්සම්කරු පවසන්නේ දීපව්‍යාප්ත ඡන්ද ප්‍රතිසංස්කරණය වෙනුවෙන් කටයුතු කරමින් ඇති මොහොතක, ඡන්ද ව්‍යාපාරයන්හි නිරත පුද්ගලයන්ගේ සහ දේශපාලන පක්‍ෂවල මූල්‍ය පාලනය සඳහා නීති සම්පාදනය කෙරෙන මොහොතක, තරුණ සහ කාන්තා දේශපාලන නියෝජනය පිළිබඳව ප්‍රතිශත වශයෙන් තීන්දු කෙරෙන මොහොතක, අපේක්‍ෂක විනිවිදභාවය පිළිබඳව නීති සකස් කෙරෙමින් මේ කාරණා පිළිබඳව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ක්‍රියාත්මක වෙද්දී පළාත් පාලන දේශපාලන සභිකයන් 8,711ක් රටට ආර්ථිකවත්, සමාජයීයවත් බර වැඩි මොහොතක, එය 1/3කට සීමා කළ යුතු යැයි සාකච්ඡා කෙරෙන මොහොතක, හදිසි මැතිවරණයකින් රටකට, රටේ මහ ජනතාවට අත්වන සුගතිය කවරේ ද? යන්න පෙත්සම්කරු ප්‍රශ්න කර සිටී.

මැතිවරණ කොමිසමේ සභාපති සහ සාමාජිකයන් සිවුදෙනා, අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, කැබිනට් ලේකම්වරයා සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 140 වගන්තියට අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ රිට් පෙත්සම ගොනු කිරීමට කටයුතු කර තිබේ. ඊට අදාළ සියලු ලේඛන ද පෙත්සම්කරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *