අන්න ඒ බය තියාගන්න..! පෙරටුගාමින් මග හැර කුට්ටිට නඩු දාන්න යන ජවිපෙට පෙරටුගාමින්ගෙන් කෝචොක්..!

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර සහෝදරයාගේ මෝල්ටා ගනුදෙනුව පිළිබඳව සියලු තොරතුරු හෙළි කළ කලක් ඔවුන්ගේ සහෝදරයන් ලෙස කටයුතු කළ පෙරටුගාමී සමාජවාදී පක්ෂයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පසෙක තබා ඔවුන් හෙලිකල තොරතුරු මත ජනතාව දැනුවත් කිරීම සිදු කළ පොදුජන පෙරමුණේ ජනතා නියෝජිතයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කිරීම හාස්‍ය ජනක කරුණක් බව දේශපාලනය විශ්ලේෂකයෝ පවසති.

ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් කළ යුතුව තිබුණේ ආන්දෝලනාත්මක මෝල්ටා ගනුදෙනුව පිළිබඳව තොරතුරු හෙළි කළ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රබලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වුවත් එය පසෙක තබා පොදුජන පෙරමුණේ මහජන නියෝජිතයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කිරීම තුළම යම්කිසි කුකුසක් ඇති බව දේශපාලන විශ්ලේෂක මතවාදය බවට පත්ව ඇත.

ප්‍රතිවාදීන්ගෙන් තමන්ට එන පීඩනය හමුවේ අතිශය කලබලයට පත්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් මුල මැද අග යන තුන් කොනම පටලවා ගෙන දැඟලීම තුළම ඔවුන් තවදුරටත් මේ චෝදනාවන්වලට කොටු වීම විනා අන් කිසිවක් සිදු නොවන බව සඳහන් කළ යුතුමය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *