එක්දින සේවයෙන් පාස්පෝට් හදන්න අයට විශේෂ දැනුම්දීමක්..!

විදේශ ගමන් බලපත්‍ර සකස් කර දෙන බවට පවසා මුදල් වංචා කළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

එක්දින සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර සකස් කර දෙන බවට පවසා ජාතික හැඳුනුම්පත් හා ලිපිද්‍රව්‍ය ලබාගෙන මුදල් වංචාව සිදුකර ඇත.

මේ පිළිබඳව තලංගම පොලීසියට ලද පැමිණිලි 3ක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

ඒ අනුව ඊයේ (31) තලංගම පොලිස් ස්ථානය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සන්තකයේ තිබී පැමිණිකරුවන් දෙදෙනෙකුගේ ජාතික හැඳුනුම්පත් ද සොයා ගෙන තිබේ.

එක් පැමිණිල්ලකට අදාළ සැකකරුවෙකු බොරලැස්ගමුව පොලිස් ස්ථානය මගින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු සන්තකයේ තිබී ජාතික හැඳුනුම්පතක්, රු 15,000ක් සහ විදේශ ගමන් බලපත්‍ර සකස් කරන ලද ව්‍යාජ ටෝකන් පත් 9ක් සොයා ගෙන ඇත.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *