වින්ඩිගේ ‘අයියෝ සාමි’ ඉන්දියාවෙත් හිට් වෙයි..!

ප්‍රවීන ගායන ශිල්පී රූකාන්ත ගුණතිලකගේ සහ ගායන ශිල්පිනී චන්ද්‍රලේඛ ගුණතිලකගේ බාල දියණියවන වින්ඩි ගුණතිලක විසින් ගායනු කරනු ලැබූ ‘අයියෝ සාමි’ ගීතය මේ වනවිට ඉන්දියාවේ ජනප්‍රියතම ගීතයක් බවට පත්වෙන ලකුණු පහළ කොට තිබේ.

එය දමිල ගීතයක් වුවද කිසිදු භේදයකින් තොරව සියලු දෙනාම ආදරයෙන් වැළඳගෙන හමාරය.

මෙම ගීතය මේ වනවිට තමිල්නාඩුවේ අවන්හල්වල පවා වාදනය කරනු ලබන එකක් බවට පත්ව ඇත.

මෙම ගීතයේ සංගීත නිර්මාණය වින්ඩිගේ පෙම්වතා වන සනුක වික්‍රමසිංහගේය. පදරචනය පොතුවිල් අස්මින්ගේය.

මේ ගීතය මේ වනවිට මිලියන 05 නැතහොත් ලක්ෂ 50කට අධික පිරිසක් නරඹා තිබේ.

තමිල්නාඩුවේ ජීවක්වෙන ඉන්දියානු ජාතිකයෙකු මේ ගීතයට මෙවැනි ප්‍රතිචාරයක් පළ කර තිබුණි.

“මම ජීවත් වෙන්නේ දකුණු ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ. තමිල්නාඩු අවන්හල් සාමාන්‍යයෙන් මෙම ගීතය වාදනය කරන අතර මම වීදිවල යන විට මට තැන් කිහිපයකින් ගීතය අඛණ්ඩව ඇසේ. ඉන්දියානුවන් ශ්‍රී ලංකාවේ සංගීතයට මෙතරම් ආදරය කරන්නේ මන්දැයි මම නොදනිමි. මම දැනගෙන හිටියේ නැහැ මේක ලංකාවේ ගෑනු කෙනෙක් ගායනා කරනවා කියලා. මම යූ ටියුබ් එකේ සර්ච් කරලා බලනකොට එකපාරටම පුදුම වුණා! ඔබ සැමට ආදරෙයි. ශ්‍රී ලාංකීය සංගීතය සීමා මායිම් ඉක්මවා ගොස් සියල්ලන් සමීප කරයි.”

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *