තුර්කි භූකම්පනයෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් ජීවිතක්ෂයට

තුර්කියේ සිදු වූ භූකම්පනයෙන් අතුරුදන්ව සිටි ශ්‍රී ලාංකික කාන්තාවගේ මළ සිරුර සොයාගෙන තිබේ.

අදාළ කාන්තාව රැඳි සිටි ගොඩනැගිල්ල ආශ්‍රිත ප්‍රදේශයේ  සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී ඇයගේ මළ සිරුර සොයා ගෙන ඇති බව තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවසුවේය.

මළ සිරුර තුර්කියේම වෙනත් ප්‍රදේශයක වාසය කරන ඇයගේ දියණිය විසින් හඳුනාගෙන තිබේ.

අතුරුදන් වූ මව සෙවීම සඳහා ඇය ඊයේ (11) අදාළ ප්‍රදේශයට පැමිණ තිබූ  බව සඳහන් ය.

මෙලෙස මියගොස් ඇත්තේ 64 හැවිරිදි මහනුවර, ගලගෙදර ප්‍රදේශයේ කාන්තාවක් වන අතර ඇය මීට වසර 20ට පමණ පෙර තුර්කියට ගොස් තිබුණි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *