නිදහසේ පෙරහුරුව

මෙරට 75 වන නිදහස් දින සැමරුම් උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මුවදොර පිටියේ දී පෙබරවාරි 4 වැනිදා උදෑසන ඉතා අභිමානවත් අයුරින් පැවැත්වෙන අතර එහි ආචාර පෙලපාලියේ පුහුණුවීම් කටයුතු මේ දිනවල සිදුකෙරේ.

මෙහි පෙරපුහුණු කටයුතු (2) දිනයේ පැවැත්වූයේ ආරක්ෂක ලේකම් සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ ද සහභාගීත්වයෙනි.

මෙවර ආචාර පෙලපාලිය සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය මෙන්ම ජාතික ශිෂ්‍ය භට බලකාය ද සහභාගී වන අතර, නිලධාරීන් 6012කගෙන් සහ සන්නද්ධ රථ 320කින් සමන්විතය.

මේජර් ජෙනරාල් දීපාල් පුස්සැල්ල මහතා මෙහි අණදෙණ නිලධාරී ලෙස කටයුතු කරයි.

ඡායාරූප – ළහිරු හර්ෂණ

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *