මිලියන 17ක මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු කොටුවෙයි

බ්‍රසීලයේ සිට කෝකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන මෙරටට පැමිණි විදෙස් ජාතිකයකු කටුණායක බණ්ඩාරනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩිදුරටත් වාර්තා වන්නේ ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අද උදෑසන ඔහු අත්තඩංගුවට ගත් බවය.

එහිදී අදාළ පුද්ගලයාගේ ගමන් බෑගයේ ඉතා සූක්ෂම ලෙස සගවා තිබූ කොකේන් මත්ද්‍රව්‍ය ගෑම් 350ක් රේගු නිලධාරීන් භාරයට ගෙන තිබේ.

එහි වටිනාකම රුපියල් මිලියන 17ක් බවට තක්සේරු කර ඇති බව රේගුව ප්‍රකාශ කළේය.

සැකකරු මැසිඩෝනියානු ජාතිකයකු වන අතර ඔහු වැඩිදුර විමර්ශන සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදීමට නියමිතව තිබේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *