සබරගමුව ඩිජිටල් වෙයි..!

සබරගමුව පලාත් සභාවට අයත් දෙපාර්තමේන්තු සහ ආයතන විගනනය කිරීම සඳහා මාර්ගගත ක්‍රමයක් ක්‍රියාවට නැංවීමට සබරගමු පලාත් ආණ්ඩුකාර කාර්යාලය ආරම්භ කර තිබේ.

සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහත්මාගේ ප්‍රධානත්වයෙන් මෙම මාර්ගගත ක්‍රමය අද (27) ආණ්ඩුකාර කාර්යාලයේදී එලිදැක්වූනු අතර සබරගමු පළාත් තොරතුරු තාක්ෂණ ඒකකය විසින් මෙය නිර්මාණය කර නඩත්තු කිරීම සිදුකරනු ලබන බවත් එම කාර්යාලය සඳහන් කරයි.

සබරගමුව පළාත් සභාවට අයත් ආයතන සහ දෙපාර්තමේන්තු 1680ම අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව හරහා විගණනය කිරීම මේ හරහා සිදුවන අතර එම සියළුම විගණන විමසුම් සඳහා වැයවන කඩදාසි භාවිතය අවම කිරීමද මෙහි අරමුණ වී තිබෙන බවත් එම කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන අතර  මේ හේතුවෙන් විගණන වාර්තා කළමණාකරණ පද්ධතිය හේතුනේ සිදුවන තැපැල් ප්‍රමාදවීම් නිසා සිදුවන කාලය අපතේ යාම් ඇතුළු අනෙකුත් දෝශ නිසා සිදුවන ප්‍රමාදයන් වළක්වාගෙන කාර්යාක්ෂමව කටයුතු කිරීමේ හැකියාවක් ඇති බවත් සබරගමු පළාත් ආණ්ඩුකාර කාර්යාලය සඳහන් කරයි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *