නව පරපුරේ රංගන ශිල්පිනි ශලනි තාරකා කරන්න යන දේ මෙන්න..! Exclusive

දිගින් දිගටම පදනම් විරහිතව තමන් ඉලක්ක කර එල්ල කරන මඩ සහ අපවාද ප්‍රචාරය කරන මාධ්‍ය ආයතනයකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනිමට නව පරපුරේ රංගන ශිල්පිනි ශලනි තාරකා කටයුතු කරමින් සිටින බව අපට වාර්තා වේ.

කොලොන්නාව ප්‍රදේශයේදි සිදුවු ඝාතන සිදුවීමකට වැරදිකරුවෙකු වී මරණීය දණ්ඩනය නියම වී ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ සහෝදරයකුට සම්බන්ධ මාධ්‍ය ආයතනයකට එරෙහිව මෙලෙස ඇය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සුදානම් වන බව සදහන්..

මේ වනවිටත් නීතිවේදීන් කිහිපදෙනෙකුගෙන් ඇය නීති උපදෙස් ලබාගෙන ඇති බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ තහවුරු වී ඇත. ක්‍රිකට් ආයතනය සහ අදාළ මාධ්‍ය ආයතනය අතර ඇති පුද්ගලික කෝන්තරය පිරිමසා ගැනීම සඳහා මේ මිනිස්සු සැලසුම්සහගතව තමන්ටද මඩ ගසන වග ඇය ඇයගේ සමීපතම මිතුරියක් සමග පවසා ඇති අතර එයට එරෙහිව අන්‍යයන් මෙන් තමන් නිහඬව නොසිටින වගත් වහාම අපහාස නඩු දැමීමට කටයුතු කරන බවත් ඇය එම මිතුරියට පවසා ඇත.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *