රෝහල් සිවිලිමේ ලක්ෂ 90ක ශල්‍ය උපකරණ සඟවලා

කොළඹ ජාතික රෝහලේ ශල්‍යාගාරයක සිවිලිමේ සඟවා තිබියදී රුපියල් මිලියන 09ක් පමණ වටිනා ශල්‍ය උපකරණ හමුවී ඇති බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික්‍රමරත්න මහතා ඒ බව පැවසීය.

ඔහු පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස බලධාරීන්ට පැවසුවද එය ඉටුවී නොමැති බවය. 

එබැවින් ඒ පිළිබඳව විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී එම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු හෙළිකර ගැනීමට කටයුතු කරන ලෙස ද දැනුම්දී තිබේ. 

අදාළ ගිණුම් පිළිබඳ කාරක සභා රැස්වීමට සෞඛ්‍ය අංශ බලධාරීන් කැඳවා තිබුණි.

You May Also Like

About the Author: editor02

Leave a Reply

Your email address will not be published. Required fields are marked *