පොලී රහිත ශිෂ්‍ය ණය ක්‍රමයට අයැදුම්පත් කැඳවීම 4 දා ඇරඹේ..!

පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 7 වැනි අදියර සඳහා අයදුම්පත් කැඳවීම මේ මස 4 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

2019 වසරේ සිට 2021 දක්වා වසර තුනේදී අපොස උසස් පෙළ විභාගය සමත් සිසුන්ට මේ සඳහා අයදුම්කළ හැකි බවත් ලබන අගෝස්තු මස 7 වැනිදා දක්වා අයදුම්පත් යොමු කළ හැකි බවත් එම අමාත්‍යංශ කියයි.

අයැදුම්පත් http://www.studentloans.mohe.gov.lk වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගතව යොමු කළ හැකි බව පවසන එම අමාත්‍යංශය 0703555970 සිට 79 දක්වා දුරකථන අංක අමතා වැඩි විස්තර ලබාගත හැකි බව ද සඳහන් කරයි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *