“රැක්කෙ මම පණ වාගේ – අම්මෙ නුඹෙ ගෞරවය” වයඹ පාසලකින් ඇසෙන මිලින වු මල් කැකුලක කදුළු කතාව..!

උගතමනා ශිල්පය යැයි ශිල්පයමයි මතු රැකෙනා කියලා අපේ මුතුන් මුතුන්මිත්තන්ගෙන් පැවත එන ප්‍රසිද්ධ පිරුළක් තිබුණද වර්තමාන සමාජය තුළ විශේෂයෙන් ගෙවී ගිය වසර කිහිපය තුළ එම ශිල්පය අකුරු කරවන ගුරුභවතුන් පිළිබඳව ඇත්තටම අපට වාර්තා වන්නේ යහපත් පුවත් නම් නෙමෙයි..


අවුරුදු පහළොවක පමණ දරුවකු සමඟ ලිංගික සබඳතා පැවැත්වූ ගුරුවරියක පිළිබඳව මෙන්ම අවුරුදු පහළොවට අඩු දරුවන් 16 දෙනෙකු ලිංගික අපයෝජනයට ලක් කළ ගුරුවරයකු පිළිබඳව වැනි පුවත් සමාජය තුළ විසිරී පැතිරී ගිය කාල සීමාවක තවත් එවැනි අඳුරු පැතිකඩ පැතිකඩක සැඟවුණු පුවතක් පිළිබඳව විමර්ශනාත්මකව අප සිදුකළ සිදු කළ මෙහෙයුමකින් තොරතුරු වාර්තා විය.

තමන් නිවරැදි බවම කියමින් – ත*ලා දැමුවා ජීවිතේ

පරිච්ඡේදය නිමා නොකරම – 💥මෙතැන් සිට ඉසිඹුවක් අනවශ්‍ය යි

රූල් නැති හිස් මගෙ පොතේ – හැඩට ලියැවුනු ජීවිතේ

පාට සිත්තම් – ලියු කවිකම්

පිරී ගිය පිටු වැඩි වුනේ – දිනෙන් දින අභිසෙස් ලබද්දී

පා*පතරයින් හිතුමතේ – තමන් නිවරැදි බවම කියමින්

ත*ලා දැමුවා ජීවිතේ – පරිච්ඡේදය නිමා නොකරම

හදවතේ ලියැවූ වදන් හැම – ඉරා දැමුවා පෙර දිනේ

නොකළ වරදට පණ පොවා – අ*සැබි වදනින් ගිගුරුවා

හො*රෙකු ලෙස හංවඩු ගසා – විදු මවුන් තරවටු කලා….

ලෝකෙ අභියස දිනන්නට දිවි – ඇඟිලි ගැන්නට ගුරු ඇකේ

සැවොම නිහඬයි – තනිව හැඬුවට

පා*පතර හිත් ඉදිරියේ

🥲 පීඩ*නයට ලක්වූ සිසුවෙකුගේ වාගාලාපයක්


මුහුණු පොත තුල ඉතාමත් ප්‍රසිද්ධියට පත්වූ කවි පන්තියක් අරබයා එහි පසුපස වු සත්‍යය සිදුවීම පිළිබදව අප මාධ්‍යවේදි කණ්ඩායම විසින් සිදුකළ විමර්ශනයකදී අපට හෙළි වූයේ වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයට නෑකම් කියන ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපයක් නිසා හිංසා පීඩාවට ලක් වූ ආදරණීය දරුවකුගේ ශෝකාලාපයක් මෙම කවි පන්තියේ අඩංගු වී ඇති වගයි.


තම පාසලේ ඉගෙනුම ලබන සිසුවෙකු අරඹයා විදුහල්පතිවරයෙකුගේ අකාරුණික ක්‍රියාකලාපය මතින් නිර්මාණය වි ඇති මේ ඛේදාන්තයට මුලික වී ඇත්තේ පාසලේ පන්ති කාමරයක් තුල සිදුවු මුදල් අස්ථාන ගතවීමක් වන අතර විදුහල්පතිවරයා විසින් අගතියට පත් සිසුවා ඇතුළු සිසුවන් තිදෙනෙකු ඒ් සදහා සැක කලද බාහිර පාර්ශවයක බලපෑම මත එක් සිසුවෙකු පමණක් දඩමීමා කරගෙන අත්තනෝමතික ලෙස සියලු සදාචාරයන් නොසලකා හරිමින් දැඩි දඩුවම් පැමිණවීම පවා සිදුකල පසුබිමක ලැබුණු පැමිනිල්ලක් මත අදාල සිදුවීම පිළිබදව පොලිසිය විසින් සිදුකළ විමර්ශණයකදි හෙලිවි ඇත්තේ අදාල චෝදනා ලැබු සිසුවා ඇතුළු සමස්ත සිසුන් පිරිසම නිදොස් බවයි. මේ අදාළ සිදුවීම මේ මොහොත වන විට අදාල කලාප අධ්‍යාපන කාර්යාලය වෙත යොමු වී යොමුවී ඇති අතර කලාප කාර්යාලය විසින් විදුහල්පතිවරයාව දැඩි දෝෂදර්ශණයකට ලක්කර ඇති පසුබිමක පොලිසිය ද මේ මොහොත වන විට මේ පිළිබඳව විමර්ශන දියත් කරමින් සිටින මොහොතක මූලික විමර්ශන තුළින් මේ චෝදනාවට ලක් වූ දරුවා නිවැරැදි කරුවකු වී ඇති පසුබිමක එය පිළිගැනීමට මැලිකමක් දක්වන එම පාසලේ විදුහල්පතිවරයා යම් දෙමාපියන් පිරිසකගේ බලපෑම් මැද පාසල තුල විෂය සමගාමි මෙන්ම විෂය පරිබාහිර කටයුතු වලදි දක්ෂතා දක්වන එම දරුවාට දිගින් දිගටම අඩත්තේට්ටම් කරමින් සිටින වග අපට වාර්තා වේ.


මේ අතර අදාල විදුහල්පතිවරයා විසින් පාසල තුළ තුල දරුවා දරන සමාගමය තනතුරුවලින් ඉවත් වන ලෙස ඔහුට දන්වමින් ඔහුව දැඩි පීඩාවකට ලක් කරමින් ඉතා අත්තනෝමතික ලෙස හැසිරෙන පසුබිමක ඔහුට මේ අත්තනෝමතික ක්‍රියාකලාපය සදහා නොමද සහයක් ලබා දෙන්නේ ළමා අපචාර චෝදනාවකට ලක්ව සිටින හිමිනමක් බව ද කියවේ.


පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක මේ මොහොතේ මෙම පාසල සහ මෙම දරුවා පිළිබඳව තොරතුරු වාර්තා කිරීමේදී මාධ්‍ය සදාචාරය සහ අදාල පාසලේ ගරුත්වය ආරක්ෂා කිරීමට අප බැඳී සිටින අතර මෙම පොලිස් පරීක්ෂණ නිම වී නිසි ලෙස නීතිය ක්‍රියාත්මක වූ පසුව මේ පිළිබඳව විස්තරාත්මක වාර්තාවක් අප වෙත ඉදිරිපත් කිරීමට අප කණ්ඩායම බලාපොරොත්තු වන්නෙමු.

මේ ඔහු තමන් මුහුණදුන් කටුක අත්දැකිම පිළිබදව ලියු තවත් කවි පෙලක්…!

රැක්කෙ මම පණ වාගේ – අම්මෙ නුඹෙ ගෞරවය
අකුරු කරනා අතරෙ – කැපවුනේ දිනවන්න
රට පුරා ඔබෙ නාමෙ, – මේ තරම් රිදවන්න
රුදුරු ලෙස අමතන්න, – වරද කිම මා කෙරුව
ගුරු මවුන් පියවරුන් – ඉවත ගියෙ මා දමා,
කෙලි කවට පිරුණාට – ගුරු ඇකේ රැඳෙද්දී
විදු මවට සැලකුවේ – මගෙ මව්ට වාගෙමයි,
රැකියාව ඔබ සැමගෙ – ඇත්තමයි දනිමි මම
අහිතක් නෑ හිතේ – ඔබ කෙරෙහි කිසිවිටෙක ,
වචනයෙන් වත් ඇවිත් – හදන්නට මගේ හිත
නොහිට ඔබ දුර යද්දි , – කෑ ගසා කියද්දිත්
මා හොරෙකු නොවන වග – කෙසේ පවසම්ද මම
දිනෙක ඔබ සෙනෙහසින් , – මගෙ දිවිය
හැඩකල බව ලොවට

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *