කොළඹ දිස්ත්රික්කය තුළ එක්සත් ජාතික පක්ෂය නැවත පණ ගැන්වීම සඳහා ප්රතිසංවිධාන කටයුතු නව මුහුණුවරකින් ආරම්භ කිරීමට එම පක්ෂයේ තරුණ නායකයින් රැසක් මේ වන විටත් කටයුතු කරමින් සිටින බව අපට වාර්තා වේ.
පසුගිය මහ මැතිවරණයේදී වැඩි දැඩි පසුබෑමකට ලක්වූ කොළඹ දිස්ත්රික්කයේ එජාපය හදවත බඳු ආසන සියල්ලෙහි නාගරික මන්ත්රීවරුන් පැරණි එක්සත් ජාතික පාක්ෂිකයන් මෙන්ම මෙවර පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා ලබා දුන් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයින් සියල්ල ඒකාබද්ධ කරගෙන නව වැඩපිළිවෙළක් ලෙස මෙම මෙහෙයුම ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.
මේ සඳහා කෝට්ටේ කොළඹ මහ නගර සභාව සීතාවකපුර ප්රාදේශීය සභාව සීතාවකපුර නගර සභාව කොටිකාවත්ත මුල්ලේරියාව ප්රාදේශීය සභාව කොලොන්නාව නගර සභාව වැනි පළාත් පාලන ආයතන වල එජාප මන්ත්රීවරුන් සහ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන් සම්බන්ධ කර ගැනීමේ මූලික කටයුතු මේ වන විටත් ක්රියාත්මක අතර මෙම මෙහෙයුම සඳහා කොළඹ දිස්ත්රික්කයෙන් පසුගිය මහමැතිවරණයට තරග වැදුණු වර්තමාන ජනාධිපතිවරයාට හිතැති එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ පාරම්පරික බෞද්ධ පරපුරක තරුණ දේශපාලන නායකයෙකු නායකත්වය ලබාදෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපට වාර්තා විය.