සියවස් දෙකක් රටට නිහඩවම විදෙස් විනිමය ගේන කඳුකර ද්‍රවිඩ ජනතාවට සහන වැස්සක්..! ජනපති රනිල්ගෙන් අලුත් වැඩක්.!

සියවස් දෙකක් තිස්සේ රටට විදෙස් විනිමය උපයා දෙමින් ශ්‍රමය වැගිරූ කඳුකර ද්‍රවිඩ  ජනතාව තවදුරටත් වෙනම ජන කොටසක් ලෙස නොව ශ්‍රී ලාංකික පොදුජන සමාජයට එක් කිරීමේ අභියෝගය ජයගැනීම සඳහා වැඩපිළිවෙලක් සකසන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

කඳුකර දෙමළ ජනතාව නියෝජනය කරන අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අරවින්ද කුමාර් සහ එම්. රාමේශ්වරන් මහත්වරුන්  සමඟ  ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව කීය.

කඳුකර ද්‍රවිඩ ජනතාවට ඇති ප්‍රශ්න විසඳා ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ දැමීම වෙනුවෙන් සැලසුම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරියේදී කඳුකර ද්‍රවිඩ ජනතාව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡාවක් කැඳවන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

1983 සිදුවීම් වලින් පසුව පවා බෙදුම්වාදී ප්‍රවණතා හෝ අවිගත් ත්‍රස්ත කටයුතු සඳහා කිසිඳු අවස්ථාවක කඳුකර ජනතාව යොමු නොවූ බවත් ඒ වෙනුවට ඔවුන් ශ්‍රී ලංකා රජය සහ දකුණේ සමාජය පිළිබඳ විශ්වාසයෙන් කටයුතු කළ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පෙන්වා දුන්නේය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *