ජාතික උද්ධමනයේ වාර්තාගත පහළ යාමක්..!

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2023 ජූනි මාසයේ ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 10.8% ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දොපර්තමේන්තුව පවසයි.

2023 මැයි මාසයේ ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 22.1% ක් ලෙසින් වාර්තා විය.

ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2023 මැයි මාසයේ දී වාර්තා වූ 15.8% සිට 2023 ජූනි මාසයේ දී 2.5% ක් දක්වා කැපීපෙනෙන ලෙස අඩු වී ඇති අතර ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2023 මැයි මාසයේ දී වාර්තා වූ 27.6% සිට 2023 ජූනි මාසයේ දී 18.3% ක් දක්වා පහළ ගොස් ඇත.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *