උඩුවරගෙදර නම් වු සජිත්ගේ මීඩියා කොලුවාගේ නාටකයේ ඔබ නොදත් ඇතුලාන්තය මෙන්න..! exclusive

මේ දිනවල ලංකාවේ වැඩියෙන්ම කතා වෙන මාතෘකාව අන් කවරක්වත් නොව ප්‍රංශ ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳවය. එම සංචාරය ඉතිහාසගත සංචාරයක් වන්නේ මීට පෙර කිසි දිනක ප්‍රංශ ජනාධිපතිවරයකු ශ්‍රී ලංකාවේ සංචාරය කර නොමැති නිසාවෙනි.

සැබැවින්ම එම ඉතිහාසගත අවස්ථාවේ දේශපාලනික වාසිය හෙවත් ප්‍රංශ ජනාධිපති වරයාගේ ශ්‍රී ලංකා සංචාරය තුළින් වර්තමාන ජනාධිපතිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළේ සාර්ථකත්වය ජනතාවට විද්‍යාමාන වීම වැළැක්වීම සඳහා යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු කිරීමට අවශ්‍ය බවට වු කතිකාවක් සමගි ජන බලවේගයේ අවසන් කෘත්‍යාධිකාරී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම තුළ වහෙන් ඔරෝ භාෂාවෙන් සිදු වූ බව සැබෑවකි.

සමගි ජන බලවේගයට මේ මොහොත වන විට බිම් මට්ටමේ දැනෙන වැඩක් කිරීමට අසමත්ව සිටින පසුබිමක මුදල් බලයෙන් අල්ලේ නටවන තම වාමාංශික ශාඛාව වන පෙරටුගාමී සමාජවාදී පක්ෂයට මේ කොන්ත්‍රාත්තුව ලබා දෙනු ලබන්නේ හිටපු මාධ්‍යවේදියෙක් වන තරිදු උඩුවරගෙදර හරහා ය.


පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේ සඳහා විරෝධතා මාතෘකාව ලෙසින් තෝරා ගනු ලබන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එරෙහි වෙමින් මහා මාර්ගයේ උද්ඝෝෂනයක් කිරීම වන අතර එය වනාතමුල්ල ප්‍රදේශයේ දී සංවිධානය කිරීමට ඔවුන් උත්සුක වන්නේ අන් කිසිවක් නිසා නොව කොටුව ප්‍රදේශයට පැමිණීමට තරම් ජන බලයක් ඔවුනට නොමැති නිසාවෙනි. වනාතමුල්ල ප්‍රදේශය තුළ තුළ මොවුන් සංවිධානය කරන මේ කඩාකප්පල්කාරී වැඩසටහනට එම ප්‍රදේශයේ පීඩිත ජනතාවගේ උදව් උපකාර ලැබේවි යැයි ඔවුන් උපකල්පනය කලත් සැබැවින්ම එය එසේ සිදුවූයේ නැත. උත්තරීතර අධිකරණ නියෝග පවා කඩකරමින් හුදෙක් උද්ඝෝෂණයක් පමණක් සිදුකර ප්‍රයෝජනයක් නොමැති නිසාවෙන් පොලීසිය සමග ගැටුම් ඇති කර ගනිමින් යම් සිදුවීමක් නිර්මාණය කර ගැනීමේ අවශ්‍යතාවය එම ස්ථානයේ සිටි බොහෝ දෙනෙකුට තිබුණු බව නොරහසකි.

තමන් සේවය කළ වෙබ් මාධ්‍ය ආයතනයෙන් කණින් අල්ලා දොට්ට දමා නෙරපා දමන ලද මේ අප කතා කරන මොහොත වන විට මාධ්‍ය හැඳුනුම්පතක් පවා නොමැති එහෙත් වසර ගණනාවක් තිස්සේ තමන් මාධ්‍යවේදියෙක් යැයි කියා ගනිමින් දිගින් දිගටම පොලීසියට බාධා කරමින් කටයුතු කරන තරිඳු උඩුවරගෙදර විදෙස් රටක සරණාගතභාවය ලබා ගැනීම උදෙසා වූ මෙහෙයුම ආරම්භ කරන්නේ එදිනය.


විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරන අන්දමට තරිඳු උඩුවරගෙදර සිය බිරිද සමගින් මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අග නගරය ආශ්‍රිත ප්‍රදේශයක කුලි නිවසක පදිංචි වී සිටින අතර ඔහුගේ මාසික ගෙවල් කුලිය රුපියල් ලක්ෂයකි. අරගලයේ අවසාන භාගය වනවිට එම නිවස ඔහු විසින් කුලියට ගන්නා ලද අතර එම නිවසට පැමිනි අලුතම රුපියල් හැට හත් දාහ බැගින් බයිසිකල් දෙකක් ගෙන ඒමට ඔවුන් කටයුතු කරන ලදී. වසරකට අත්තිකාරම් ගෙවා ඇති එම නිවසට මුදල් ගෙවීම සඳහා නිශ්චිත ආදායම් මාර්ගයක් තරිඳු උඩුවරගෙදර ට නොමැති බව නොරහසකි. ඔවුන් කුලියට නිවසක් සෙවීමේදී ඔයා අපේ ඔෆිස් එක හරියෙන් ම දෙයක් හොයාගන්න තරිඳු වෙනුවෙන් පැවසූ සුප්‍රසිද්ධ දේශපාලන නායකයා ගැන ද මේ මොහොත වන විට වන විට සමාජය දැනුවත් වී ඇත.

කෙසේ හෝ තමන් සැලසුම් කළ අන්දමින් පොලිසිය පොලිසිය සමඟ ගැටුම් සමග ගැටුම් ඇති කර ගනිමින් අවසානයේදී අවසානයේදී තරිදු පොලිස් අත්අඩංගුවට පත්වීමත් සමග සත්‍ය වශයෙන්ම තරිදුගේ රෙදි ගැලවීම ආරම්භ විය. තරිඳු අත්අඩංගුවට පත්වී පැය කිහිපයක් යන්නටත් පෙර සජිත් ප්‍රේමදාස පොලිසියට පැමිණ Good job, මං ඔයාව බලාගන්නම් යනුවෙන් පැවසීම තුලම තරිඳු උඩුවරගෙදර මෙතෙක් කල් සිදුකර ඇත්තේ අරගලයේ සියලූ පාර්ශවයන් ගොනාට අන්දමින් සජිත් ප්‍රේමදාසගේ කොන්ත්‍රාත්තු ඉටි කිරීම බව ඒ මොහොතේම ස්ථානයේ සිටි සියලු දෙනා වටහා ගන්නා ලදී.

කෙසේ වෙතත් තරිදුගේ අත්අඩංගුවට පත්වීමට ඒරෙහිව ජනතා විමුක්ති පෙරමුණෙන් ප්‍රකාශ නිකුත් කරගැනිම සදහා මුලිකත්වය ගෙන ඇත්තේ කම්කරු අරගල මධ්‍යස්ථානයෙන් වන අතර ඒ් සදහා මුලිකත්වය ගෙන ඇත්තේ අන් කිසිවෙක් නොව උපාධිදාරි සමිතියේ ධම්මික මුණසිංහ බව තතුදත්තෝ පවසති.


නිශ්චිත රැකියාවක් පවා නොමැති තරිදුලාට රුපියල් ලක්ෂයක මුදලකට කුලී නිවසක ජීවත් වීමට අවශ්‍ය මුදල් සම්පාදනය කරන්නේ අන් කිසිවෙක් නොව ෆොන්සේකා කෙනෙක් බව සියලුම දෙනා දන්නා රහසකි. ඔහු සරත් ෆොන්සේකා නොවෙයි. ඔහු සජබයට සම්බන්ධ ෆොන්සේකා කෙනෙකි. කෙලින්ම කිවහොත් කිවහොත් ඔහු ජලනි ප්‍රේමදාසට බොහෝ හිතවත් හිතවත්කම් දක්වන ෆොන්සේකා කෙනෙකි.


ප්‍රංශ ජනාධිපති වරයාගේ සහ ජපාන ඇමතිවරයෙකුගේ ශ්‍රී ලංකා සංචාරය යෙදී තිබූ පහුගිය දින කිහිපය තුළ ඔවුන් ඉදිරියේ ශ්‍රී ලංකාවේ කීර්ති නාමය විනාශ කර කරවීම සඳහා වූ වූ සජිත් ප්‍රේමදාසගේ ඔලමොට්ටල අන්තගාමී කුහක කුම් එහි දේශපාලන අභිප්‍රාය ක්‍රියාවට නැඟුණේ ලෙසිනි.


මම journalist කෙනෙක් කියා තරිදු කෑගහද්දි journalist කෙනෙක් නම් කෝ අයිඩී එක අයිඩී එක? මටත් පුළුවන් නේ journalist කෙනෙක් කියන්න යන පිළිතුර පොලිසිය පැත්තෙන් ලැබෙද්දී තරිදුට දෙන්නට උත්තරයක් තිබුණේ නැත.

ඒ මන්දයත් තරිඳුට ඒ මොහොත වන විට වලංගු ජන මාධ්‍ය හැඳුනුම්පතක් ඔහු සතුව තිබුණේ නැත. කෑගසමින් දඟලමින් පොලීසියට අභියෝග කරමින් තරිදු පොලිස් අත්අඩංගුවට පත් වන අතර ඔහුගේ මාධ්‍ය සගයන් විසින් එම පුවත සමාජ මාධ්‍ය තුළ දැඩි ප්‍රචාරයක් ලබාදීමට උත්සුක වුවද එය ලත් තැනම ලොප් වූයේ සජිත් ප්‍රේමදාස රාත්‍රි 9:30 ට තරිඳු උඩුවරගෙදරගේ සැපදුක් බැලීම සඳහා පැමිණි ඡායාරූපයක් සමාජගත වීමත් සමගිනි


ජනමාධ්‍යවේදියෙක් නම් නියත වශයෙන් ම ඔහුට යම් ආයතනයක් විසින් නිකුත් කරන ලද ජනමාධ්‍ය හැඳුණුම්පත ඔහු සන්තකයේ තිබීම සත්‍ය වශයෙන්ම අවශ්‍ය කරුණකි. තරිදූලට එවැනි කිසිවක් තිබී නැත.

කෙසේ වෙතත් අවසානයට කිව යුත්තේ මාද්‍යවේදින් යැයි කියාගෙන සිටි තරිඳු ලා ගේ දේශපාලන නායකයන් කවුද යන්න මේ නාටකයෙන් සමාජය ඉදිරියේ පැහැදිලි වූ වග පමණි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *