නන්දසේනගේ මාධ්‍ය ජෙනරල්ව ස්වර්ණවාහිනියෙනුත් දොට්ට දාලා..!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධූර කාලයෙහි ජනාධිපති මාධ්‍ය අංශයෙහි මාධ්‍ය ප්‍රධානී ලෙස කටයුතු කළ සුදේව හෙට්ටි ආරච්චි ස්වර්ණවාහිනී මාධ්‍ය  ජාලයෙහි විධායක නිලධාරී ධූරයෙන් ඉවත් කොට ඇති බව වාර්තාවේ. 

ඔහු හිරු මාධ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ධූරයක් දරමින් සිටියදී ස්වර්ණවාහිනී ආයතනයෙන් ලබා දෙනු බලන වැඩි වැටුපක් වෙනුවෙන් එම මාධ්‍ය ආයතනයෙහි විධායක ධූරයක් සදහා ගිය අතර පසුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව ජනාධිපති මාධ්‍ය අංශයෙහි වැඩ භාරගනු ලැබීය. ඔහු එම ධූරය දරන කාලය තුළ ජනාධිපති මාධ්‍ය අංශය වෙත දැඩි විවේචන ඉදිරිපත් වූ අතර ඒ්වා සියල්ල මාධ්‍ය ක්ෂේත්‍රයේ නවකයෙකුට එල්ල වන චෝදනායි. වීඩියෝ දර්ශන සදහා දැවැන්ත මුදලක් වැය කරමින් ලබා ගත් උපකරණ භාවිතා කොට නිකුත් කළ වීඩියෝවන්හි ඉතා දුර්වලතා තිබූ අතර වරෙක අනුරාධපුරයේ රුවන්වැලි සෑය අභියස සිට සිදුකළ ජනාධිපතිවරයාගේ කතාව බලාසිටින්නාට සිනා උපදවන ලෙස නිර්මාණය කොට තිබුනි. ඒසේම මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබූ මාධ්‍ය නිවේදනයන්හි අක්ෂර දෝෂ වාක්‍ය නොගැලපීම් හා විවිධ දුර්වලතා පැවැතියේය.


එසේම ජනාධිපති නිළ ඡායාරූප ශිල්පියා සමග ඇතිකරගත් ගැටුමකදී දැඩි පහර කෑමකට ලක්වීමට සිදුවූ අතර එම හේතුවෙන් මාධ්‍ය ක්ෂේත්‍රයෙ හා ආයතනය තුළ ද දැඩි විරෝධයක් ඔහුට එල්ලවී තිබිනි.


කෙසේ නමුත් ජනාධිපතිවරයා පලා යාමෙන් අනතුරුව සිය ධූරයන් අහෝසි වූ අතර පසුව පෙර සේවය කළ ස්වර්ණවාහිනී මාධ්‍ය ආයතනයෙහි සුපුරුදු පරිදි නැවත සේවය සදහා වාර්තා කිරීමෙන් අනතුරුව එහි සේවය කළ මාධ්‍ය වේදීන්ට හා සේවකයන්ට ජනාධිපති පාට් දමමින් දැඩි පීඩනයකට ලක් කළේය.

මේ හේතුවෙන් සේවක උද්ඝෝෂණ පවා මොහුට විරුද්ධව ස්වර්ණවාහිනිය තුළ සිදු වූ අතර දිගින් දිගටම සිදුවන මෙම අසාධාරණය ඉවසා නොසිටි කාර්යය මණ්ඩලය ඔහුට විරුද්ධව උද්ඝෝෂණික ක්‍රියාමාර්ග හා ඔහු ඉවත් කරන ලෙස බලකරමින් ආයතනයේ ඉහල බලාධිකාරියට ඉල්ලීම් සිදුකළේය. මේ අනුව ආයතනය පවත්වාගෙන යාමේදී සිදුව දුර්වලතා හා අකටයුතුකම් හේතුවෙන් ඔහු සේවයෙන් ඉවත් කිරීමට ස්වර්ණවාහිනී ආයතනය කටයුතු කොට ඇති බව වැඩිදුරටත් වාර්තාවේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *