සෙනග දැකලා චූන් එකට කටමැත දෙඩු පොහොට්ටු ප්‍රබලයාට රාජපක්ෂවරයෙක්ගෙන් ලුණු ඇඹුල් සහිත ඇමතුමක්..!

පසුගිය දිනෙක පොදුජන පෙරමුණේ ජන රැළියක් අමතමින් රන් භාණ්ඩ සදහා නමක් දිනා ඇති කළුතර දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ ප්‍රබලයකු විසින් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් පිළිබඳව මේ මොහොත වන විට මුළු ලංකාවේම අවධානය යොමු වී ඇත.

එම ප්‍රකාශයේ සඳහන් වූයේ වර්තමාන ජනාධිපතිවරයාගේ ධූර කාලය පිළිබඳව වන අතර සැලකිය යුතු ජනතාවක් ඉදිරියේ ප්‍රසිද්ධ මාධ්‍යද කැඳවා තිබූ අවස්ථාවක ඉතා ආවේගශීලීව සිදුකළ එම ප්‍රකාශය පිළිබදව වේදිකාවේ සිටි අනෙක් පොදුජන පෙරමුණු ප්‍රබලයන් ද අන්ද මන්ද වී ඇති බව එහි රූපරාමු දකින විට ඉතා පැහැදිලිය.

ඒ කෙසේ වෙතත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරන පරිදි ඊයේ දින එනම් පොහෝ දින උදෑසන තම සමීපතමයන් සමගින් විවේක සුවයෙන් සිටි එම පොදුජන පෙරමුණේ ප්‍රබලයාට ප්‍රබල රාජපක්ෂවරයෙකු විසින් දුරකථන ඇමතුමක් ලබාදී ඇති අතර තම හදවතේ නායකයා ලෙස පිළිගන්නා රාජපක්ෂවරයාගෙන් පැමිණි එම දුරකථන ඇමතුම පිළිබඳව දැඩි විශ්වාසයක් තබා එය අසල සිටින තම සමීපතමයන්ට ද ඇසෙන සේ ශබ්දය වැඩිකර පිළිතුරු දිමට කිරීමට ඔහු කටයුතු කර ඇත.

එහෙත් එහා කොනේ සිටි රාජපක්ෂ වරයා එක දිගට කියාගෙන ගියේ ඔහු සිහිනෙකින් හෝ බලාපොරොත්තු නොවූ වදන් කිහිපයකි.
පිස්සුද අයිසේ තමුන්ට? මිනිස්සු ටිකක් දැක්කා කියලා ඔහොම $$$$ කතා කියන්න එපා. තමුන්ට ඇමතිකමක් ලැබුණේ නැත්තං ඒක තමුන් විසඳ ගන්න විදිහක් තියෙනවා. මිනිස්සු ඉස්සරහා මාධ්‍ය ඉන්න තැන්වල ඔයවගේ &&& කතා කිව්වම අපි කොහොමද පක්ෂයක් ඉස්සරහට අරං යන්නේ. අපි මොනවා කිව්වත් මිනිස්සු මේ වෙද්දි ඉන්න තැන කොතනද කියන එක පොඩ්ඩක් බලනවා. යනුවෙන් පවසා එම ඇමතුම විසන්ධි වී ඇත.

කෙසේ වෙතත් එම දුරකථන ඇමතුම් අවසානයේදී ලොක්කා මොකක් හරි අප්සෙට් මූඩ් එක වෙන්නැති ඉන්න ඇත්තෙ. නැත්තං මට ඔහොම කියන්නෙ නෑ කියා ෂේප් න්‍යායයෙන් අදාල මන්ත්‍රීවරයා තම ජාම බේරා ගෙන ඇති බව සඳහන්.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *