අපි මෝඩ නෑ මහත්තයෝ..! රැල්ලට චූන් වෙන්න නමුණුකුල ගැන ජවිපෙ සමන්ත කියපු මෝඩ කතාවට බදුල්ල ජනතාවගෙන්ම දැඩි පිළිතුරු..!

ලොව ප්‍රකට එවරස්ට් කන්ද නේපාලයට ආදායම් මාර්ගයක් වන්නේ අන් කිසිම දෙයක් නිසා නොව එය ලෝකයේ උසම කන්ද නිසාවෙන් එය තරණය කිරීම සඳහා කඳු තරණය කරන්නන් අතර ඇති උන්මාදය හෙවත් ෆැන්ටසිය නිසාවෙනි. ලොව උසින් දෙවැනි කන්ද වන K2 සහ තුන්වැනි උසම කන්ද වන කංචාන්ජුංගා තරණය කිරිම සඳහා කඳු තරණය කරන්නන් අතර එවැනි උන්මාදයක් නැත. එයත් කිසිවක් නිසා නොව එහි ගතයුත්තක් නොමැති බැවිනි.

ශ්‍රී ලංකාවේ නමුණුකුල කඳු පන්තිය තරණය කිරීම සඳහා ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කර ගැනීම තුළ රජයට වර්තමාන ආර්ථික ගැටළු විසදාගැනීමට ආදායම් මාර්ගයක් නිර්මාණය කළ හැකි බවට ජවිපෙ හිටපු මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න පවසන කතාව සත්‍ය වශයෙන්ම හාස්‍ය උපදවන කතාවකි. නමුණුකුල කන්ද තරණය කළ කඳු තරණය කරන උදවිය පවසන අන්දමට මෙහි බෑවුම ඉතා වැඩි අතරම මෙය තරණය කළ පසු කඳු මුදුනේ සිට නැරඹීමට කිසිවක් නැත.

මේ කියූ සැනින් කඳු මුදුන් තුළ කොන්ක්‍රීට් වනාන්තර ඉදිකිරීමේ ඉදි කිරීමේ බලාපොරොත්තුවෙන් සිටින සිවුරු පෙරවා ගත් කණ්ඩායමක් නමුණුකුල කදු පන්තිය මුදුනේද බුදු පිළිමයක් පටවා ගැනීමට උත්සහ කලේ නැත්නම් ශ්‍රී ලංකාව ලංකාව නොවේය.

සමන්ත විද්‍යාරත්න විසින් සිදු කළ මේ හාස්‍යජනක ප්‍රකාශය පිළිබඳව ජනතාවගෙන් සිදුකළ මත විමසීමකදී බහුතරයක් වූ ජනතාව පැවසුවේ එකම කරුණකි.
ඔව්වා ගැලරිය චූන් කරන්න කියන කතා මහත්තයෝ. අවුරුදු ගණනාවක් තිස්සේ ඔය මිනිස්සු දන්නෙ ගැලරිය චූන් කරන එක විතරයි. එහෙම නැත්තං උද්ඝෝෂණයක් කරලා වැඩ වර්ජනයක් කරලා වැඩක් අල කරන එක විතරයි. පේන්නේ නැද්ද අර එක මහත්තයෙක් කිව්වේ අර දුම්රිය මාර්ගය යන්නේ එක පැත්තකට විතරයි කියලා. අන්න ඒ වගේ කස්ටියගෙන් ඔයිට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද? ඒ් ජනතා අදහස්ය.

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයක සිටින බව සැබෑවකි. එම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අවශ්‍ය වන්නේ දීර්ඝකාලීන ස්ථායි වැඩපිළිවෙළකි. ඒ ඇරෙන්නට ගැලරිය චූන් කිරිමට ආතල් කතා කියා රටට හෝ ඔවුනට වැඩක් නැත.

සෙනඟ දැකලා චූන් එකට ගොං කතා කියන එක වැඩක් නම් එහි පිකාසෝ ජනතා විමුක්ති පෙරමුණ බව සැබෑවකි. මයික් ටයිසන්ලා වගේ වේදිකා තුල මයික් අල්ලගෙන කෑ ගැහුවට මෙවැනි ගොන් කතා සමාජගත කිරීම තුළ සත්‍ය වශයෙන් ම පෙනී යන්නේ ජනතා විමුක්ති පෙරමුණට කිසිදු ප්‍රායෝගික වැඩපිළිවෙළක් නොමැති බව නොවේද..?

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *