රවි,රුවන්,සාගල,අකිල,හරීන් සහ නවීන් ඇතුලට එද්දි ලේකම් රංගේ දොට්ට..! එජාපයට නව ලේකම්වරයෙක්..! එජාප නායකත්ව මණ්ඩලය ජනවාරි 01දා සිට වැඩ..!

ලබන වසරේ ජනවාරි මස පළමුවනදා සිට එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන කටයුතු නව නායකත්ව මණ්ඩලය හරහා ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

පක්ෂයේ තීරණ ගැනීම හා බලතල ක්‍රියාත්මක කිරීම මෙම මණ්ඩලය සතුවන අතර එහිදී සෙසු නිලතල රැසක් අහිමි වනු ඇත.

රුවන් විජේවර්ධන, රවී කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක, හරීන් ප්‍රනාන්දු, නවීන් දිසානායක සහ වජිර අබේවර්ධන යන මහත්වරුන් එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයට පත්කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ නව මහලේකම්වරයා ලෙස මැතිවරණ සඳහා ඉදිරිපත් නොකරන පූර්ණ කාලීනව පක්ෂ කටයුතුවල නිරත විය හැකි පුද්ගලයෙකු පත්කිරීමට නියමිතය.

එලෙස පත්කරන තැනැත්තා සම්බන්ධයෙන් අවසන් තීරණයක් එළඹෙන සතියේදී ගැනීමට නියමිතව තිබේ.

පසුගිය කාල සීමාව තුළ එක්සත් ජාතික පක්ෂය යළි නගා සිටුවීම සඳහා කිසිදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවූ බවට පාක්ෂිකයින් විවිධ චෝදනා එල්ලකර තිබුණි.

මෙම තත්ත්වය මත එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්ව මණ්ඩලය සඳහා වගකීම් සහ යුතුකම් රැසක් පැවරී තිබේ.

එමෙන්ම එළඹෙන වර්ෂයේදී කුමන මැතිවරණයක් පැවැත්වුව ද ඒ සඳහා අවශ්‍ය කටයුතු සංවිධානය කිරීම ද එක්සත් ජාතික පක්ෂ නව නායකත්ව මණ්ඩලයට වගකීම් පැවරී ඇත.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *