විපක්ෂ නායක සජිත්ගේ මාධ්‍ය ලේකම් ධුරයට සජිත් නිරුත්තර කරමින් කල්ලි 03කින් තුන්කොන් ආරවුලක්..!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ හිටපු මාධ්‍ය ලේකම්වරයා ඔහු අතහැරදමා එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරන අමාත්‍යවරයකු සමඟ එක් වීමත් සමගින් සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සමස්ත මාධ්‍ය යාන්ත්‍රණයම සුනු විසුනු වී ගොස් ඇති බව අපට වාර්තා වේ.

කෙසේවෙතත් බිඳවැටුණු සිය මාධ්‍ය යාන්ත්‍රණය නැවත නඟා සිටුවීම සඳහා මාධ්‍ය ලේකම්වරයෙකු පත් කර ගැනීමට උත්සහ කරන මොහොතක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ මොහොත වන විට මුහුණ දී ඇත්තේ උභතෝකෝටිකයකට ය.

ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී මුකුත් නොකර හිටියොත් ෆොන්සේකා නසී යන අමුතු අන්දමේ උභතෝකෝටිකයට මේ මොහොතේ සජිත් ප්‍රේමදාස මහතා මුහුණ දී ඇත.

සජිත් ප්‍රේමදාස මහතාගේ මාධ්‍ය ලේකම් ධුරයට ඔහුගේ හිතාදර වෙන්න ආර්යාව විසින් චමිත් විජේසුන්දරගේ සහෝදරයා වන ගිෂාන් විජේසුන්දරව ඉදිරිපත් කර ඇති අතර පක්ෂයට අරමුදල් සපයන්නා මෙන්ම සජිත් ජලනි සමීපතමයා වන ලක්ෂමන් ෆොන්සේකා මේ සදහා යෝජනා කර ඇත්තේ ස්වාධීන රූපවාහිනියේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂක වරයෙකු මෙන්ම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකුද කැලුම් පාලිතවය. මේ අතරවාරයේදී තිස්ස අත්තනායක ගයන්ත කරුණාතිලක ඇතුළු පක්ෂයේ ප්‍රබලයින්ගේ සහය හිමිව ඇත්තේ කලක් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඉහළ තනතුරක් දැරූ ක්ෂේත්‍රය තුළ අත්දැකීම් රාශියක් ඇති බුද්ධිෂ මධුශංක හටය.

ආඬි හත් දෙනාගේ කැඳ හැලිය බවට පත්ව ඇති සමගි ජන බලවේගයට මේ මොහොතේ විශාලතම ගැටළුව බවට පත්ව ඇත්තේ විපක්ෂ නායකවරයාගේ මාධ්‍ය ලේකම් තෝරා ගැනීම වන අතර එම තනතුරටවත් එකගතාවයෙන් පුද්ගලයෙක් පත්කරගැනිමට නොහැකි තරමට සජිත් ප්‍රේමදාස මහතා බංකොලොත් වීම තුළ ඔහුගේ නායකත්වයෙන් රටේ බලය ඇල්ලීම හුදෙක්ම සිනහා දනවන කරුණක් බවට පත්ව ඇත.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *