කෙතරම් සමාජවාදී වුවද තවමත් මිත්‍යාදෘෂ්ටික මතවාදයන් තුළ රැඳී සිටින ඊර්ෂ්‍යාව වෛරය ක්‍රෝධය සහ සැක සංකා මතින් දේශපාලනය සිදුකරන ජනතා විමුක්ති පෙරමුණ මේ තීරණාත්මක මොහොතේ රාජයෝගයක් නිසා දැඩි කැලඹීමකට ලක්ව ඇති බව අපට වාර්තා වේ.
විශ්වාස කටයුතු ආරංචි මාර්ග වාර්තා කරන පරිදි මේ හේතුව නිසාවෙන් කල්ලි ගැටුම් පවා පක්ෂෂ තුල වර්ධනය වෙමින් පවතින බව සදහන්…
ලිබරල් දවටනය සමාජගත කිරිම උදෙසා ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තු වරම් ලද ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීනී හරිනි අමරසූරිය මහත්මියට රාජ යෝගයක් ඇතැයි ඇය සමඟ කටයුතු කරන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තමන් සමග පැවසූ බව මාධ්‍යවේදී විපුල කරුණාතිලක මහතා සඳහන් කරයි.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවේදී ඔහු කියා සිටියේ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂිකාවද හරිනි අමරසුරිය වනු ඇති බවයි.
අමරසූරිය මහත්මය තම කේන්ද්‍රය බැලීම සඳහා ගොස් ඇති බවත් එහිදී රාජයෝගයක් ඇති බවද සඳහන් කර ඇති බවත් ඔහු එහිදී සඳහන් කළාය.
ඒ කෙසේ වෙතත් මෙම කාරණය සමාජගත වීමත් සමගින් හරිනි අමරසූරිය වෙත ජාතික ජනබලවේගයේ මහජන රැලි ආමන්ත්‍රණය කිරීම සඳහා යම් යම් සීමා පැනවීමට ජාතික ජන බලවේගය තීරණය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපට වාර්තා වේ.
ඒ අනුව මින් ඉදිරියට ජාතික ජන බලවේගය විසින් මෙහෙයවනු ලබන උද්ඝෝෂණ මෙහෙයවීමට ඇයට අවස්ථාව ලබා නොදීමටද එම පක්ෂය තීරණය කර ඇති බව සඳහන්.