මින්පසු හිතුමනාපෙට වර්ජන බෑ..! දුම්රිය සේවය අධිකාරියක් කිරීමේ යෝජනාව කැබිනට්ටුවට..!

ශ්‍රී ලංකා දුම්රිය සේවය අධිකාරියක් බවට පත්කිරීම සඳහා වන යෝජනාව පිළිබඳව සොයාබැලීම සඳහා කමිටුවක් පත්කර තිබේ.

ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව පත්කර ඇති බව වාර්තා වේ.

විදේශීය දුම්රිය සේවාවන් සහ මෙරට දුම්රිය සේවය පිළිබඳව අවධානය යොමු කරමින් අදාළ වාර්තාව සකස් කරන ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් දී ඇති බව සඳහන්ය.

ශ්‍රී ලංකා දුම්රිය සේවය අධිකාරියක් බවට පත්කිරීමට අදාළ යෝජනාව විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඊයේ (24) පැවති කැබිනට් මණ්ඩල හමුවට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ඊයේ පැවති දුම්රිය සේවක වර්ජනයට ප්‍රතිචාර දක්වමින් දුම්රිය සේවය පිළිබඳව දැඩි තීරණයක් ගෙන කැබිනට් මණ්ඩලයට යොමුකරන බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණි.

“මගීන් කොළඹට අරන් ඇවිත් එකපාරට දුම්රිය නතර කරනවා නම්, වැඩට යන්න ඉන්න දහස්ගණන් මිනිස්සු අතරමං කරනවා නම්, මේකට දැඩි තීන්දුවකට එන්න ඕනේ. මෙච්චර කල් මෙහෙම කරන් ආවා මෙහෙම කියලා. පහුගිය කාලයේ ඉතා සහයෝගයෙන් වැඩ කළා. කවදාවත් වර්ජනයක් කළේ නෑ, රියදුරුවරුන්ගේ යම් දේශපාලන උවමනාවක් තියෙන්න පුළුවන්. මම අද කැබිනට් මණ්ඩලයට කියන්න බලනවා. මගී ජනතාවගේ ඉල්ලීම තිබුණේ දුම්රිය පුද්ගලීකරණය කරන්න. ඒක කවදාවත් කරන්න බෑ. මම කිව්වා පුද්ගලීකරණය කරන්නේ නැතුව මේක අධිකාරියක් කරලා හදන්න පුළුවන් අපිට කාලයක් දෙන්න කියලා. එහෙම දීලා තියෙද්දිත් මේ විදියට මිනිස්සුන්ව පෙළනවා නම් මේ විදියට ලංකාණ්ඩුවේ දුම්රිය සේවය. ඉතාම දැඩි තීන්දුවක් මම කැබිනට් මණ්ඩලයට කියලා ගන්න බලාපොරොත්තු වෙනවා.”

මීට පෙර ඉදිරිපත් කර තිබූ දුම්රිය අධිකාරී පනතක් යටතේ මහා භාණ්ඩාගාරයේ ප්‍රතිපාදනවලින් තොරව දුම්රිය සේවය පවත්වාගෙන යා යුතු බවට යෝජනා වී තිබූ බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පවසයි.

“අධිකාරි පනතක් නොදැක දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් කිරීම සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුව තුළ තියෙනවා. විශේෂයෙන්ම 1993 තිබුණු අධිකාරී පනත හරහා දුම්රිය අධිකාරියක් කිරීමේ දී එම අධ්‍යක්ෂ මණ්ඩලයේ සංයුතිය පිළිබඳ විශාල ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. ඇමතිතුමාට කැමති අධ්‍යක්ෂ මණ්ඩලයක් තමා එතනදි පත්කරන්නේ, එතැනදි දුම්රිය සේවකයාට කොහොම බලපායි ද? පඩුනඩි ගෙවීම් මහ භාණ්ඩාගාරයෙන් සිදුකරන්නේ නෑ. උපයාගන්නා ලාභය මත තමා ගෙවීම් සිදුකරන්න වෙන්නේ. විශේෂයෙන්ම ගෙවීම් සිදුකරන්න අධ්‍යක්ෂ මණ්ඩලය ගාස්තු වැඩිකිරීම් කරයි. ඇමතිතුමා ඊයේ දින කැබිනට් මණ්ඩලය වෙත යොමුකළ පනත සම්බන්ධයෙන් මේ වනවිට අපිටක් ගැටලුකාරි තත්ත්වයක් තියෙනවා.”

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *