එදා බලය අරං රට බාරගන්න කිවුවම හැංගිලා බෑ කියලා සජිත් සහ අනුර තිබ්බේ ගිනස් වාර්තාවක්.! ජනපති රනිල්ගෙන් ප්‍රකාශයක්..!

පසුගිය වසරේ රටේ එවකට බලයේ සිටි පාලකයන් රටේ ආර්ථිකය කිසිදා නොවූ විරු අභියෝගයකට ලක් වන තුරුම රටක් ලෙස ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් සොයා බැලුවේ නැහැ. ඒ නිසාම ආර්ථික ප්‍රශ්නය වර්ධනය වුණා. ආර්ථිකයට අදාළ නිවැරැදි තීන්දු ගන්න දේශපලන නායකයන් පසුබට වීම නිසාම තත්ත්වය උත්සන්න වුණා. ඒ වගේම මෙම ආර්ථික අර්බුදය ජනතාවට තදින් දැනුණා.

ඔවුන් මහ පාරේ උද්ඝෝෂණ ආරම්භ කළේ ඉන්පසුවයි. ඇතැම් උද්ඝෝෂණවලට වෙනම මුහුණුවරක් තිබුණු බව අරගලය අවසානයේදී අපට පෙනෙන්නට තිබුණා. මෙම තත්ත්වය තුළ නායකත්වයේ රික්තකයක් ඇති වුණා. එදා පැවැති ආණ්ඩුව බිත්තියට හිරවෙලා තිබුණේ. ඒ නිසාම එවකට අගමැතිවරයා ලෙස සිටි මහින්ද රාජපක්ෂ මහතාට ධුරයෙන් ඉල්ලා අස්විමට සිදු වුණා. එවකට ජනාධිපතිවරයා විපක්ෂනායකවරයා කැඳවා ආණ්ඩුව භාරදීමට උත්සාහ කළා. නමුත් විපක්ෂ නායකයා එම අභියෝගය භාර ගත්තේ නැහැ. ජවිපෙ අනුරට එන්න කිවුවා. නමුත් ඔහුත් හැංගුණා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර සිටියේ, කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවැති ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සංවිධානයේ 36 වන වාර්ෂික හමුවට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය,

ආණ්ඩු බලය දෙන්න ජනාධිපතිවරයෙක් වෙනත් අයෙකුට එලෙස ආරාධනා කළේ ලෝකයේ පළමු වතාවටයි. විපක්ෂ නායකයාවරයා එය ප්‍රතික්ෂේප කිරීමත් මම හිතන ආකාරයට ගිනිස් වාර්තාවක්.

ඉන්පසුව හිටපු ජනාධිපතිවරයා රට භාරගන්නා ලෙස මට ආරාධනා කළා. මම තනතුරු ඉල්ලුවේ නැහැ. නමුත් එදා රට තිබුනේ අර්බුදයකයි. රට නැවත ගොඩගන්න පුළුවන් කියන විශ්වාසය මට තිබුණා. රට තුළ දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීමෙන් පසු රට පැවති තැනට නැවත ගෙන ඒමට අවශ්‍ය පියවර ගැනීමට මම කටයුතු කළා. ඒ අනුව මාසයක් ඇතුළත රටේ ආර්ථික අර්බුදයට කෙටි කාලීන විසඳුම් ලබාදීමට හැකි වුණා. පෝලිම් යුගය අවසන්කෙරුණා.

රටේ ආර්ථිකය මෙලෙස වේගයෙන් යථා තත්ත්වයට පත් කර ගැනීමට දායක වූ සහ සහාය දුන් සියලුදෙනාට ස්තූතිවන්ත විය යුතුයි. රටේ ආර්ථිකය ගොඩනැඟීමට ඔවුන් එම අවස්ථාවේ විවිධ අයුරින් උදව් උපකාර කළා. ජනාධිපතිවරයා ලෙස මට රටේ ආර්ථිකය ගොඩගැනීමට හැකිවෙයි කියන විශ්වාසය අනුව ඔවුන් කටයුතු කළා. ඒ අවස්ථාවේ දී මමත් සමඟ අභියෝග භාරගත්ත ඇමැතිවරුන් හා මන්ත්‍රීවරුන් ද සිටියා. වෘත්තීයවේදීන් එම වැඩපිළිවෙළට සහාය ලබා දුන්නා.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *