දැන් බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියා එන්න පුළුවන්ද..? ඕස්ට්‍රේලියා වෙරලාක්ෂකයන් යාපනේටම ඇවිත් කියපු කතාව මෙන්න..!

උතුරු මුහුදු සීමාවන් ඔස්සේ ඕස්ට්‍රේලියාවට නීතිවිරෝධීව සංක්‍රමණය වන පිරිස් නැවත්වීම සඳහා මෙන්ම ශ්‍රීලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර වෙරලාරක්ෂක වැඩිපිළිවෙල ශක්තිමත් කිරීමට විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කොට ඇතැයි ඕස්ට්‍රේලියානු වෙරලාක්ෂක අධිකාරියේ පළමු ලේකම් බ්‍රැඩ් ඉසැන්ඩර් මහතා පවසා සිටියේය.

ඔහු මේ බව පවසා සිටියේ ඕස්ට්‍රේලියානු වෙරලාරක්ෂක නිලධාරීන් පිරිසක් සහ උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය සමග උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

ශ්‍රීලංකාවේ රේගු නිලධාරීන්ට සහ වෙරලාරක්ෂක නිලධාරීන්ට රාජකාරී කිරීමේදී ඕස්ට්‍රේලියාවේ නව තාක්ෂණික දැනුම ලබාදීමට ප්‍රායෝගික පුහුණු පාඨාමාලාවන් ලබාදීමට ඉදිරියේදී පියවර ගන්නා බවටද බ්‍රැඩ් ඉසේන්ඩර් මහතා උතුරු පලාත් ආණ්ඩුකාර වරියට මෙම සාකච්ඡාවේදී දැනුම් දී සිටියේය.

එමෙන්ම පලාලි ගුවන්තොටුපල මෙන්ම කන්කසංන්තුරෙයි වරායද සංවර්ධනය කොට ඉදිරියේදී සංචාරක ආකර්ෂනයක් ලබාගැත හැකි අයුරින් සංවර්ධනය කිරීමට රජය විසින් ඉදිරියේදී පියවර ගන්නා බවටද උතුරු පලාත් ආණ්ඩුකාර වරිය මෙම සාකච්ඡාවේදී පවසා සිටියාය.

එමෙන්ම ශ්‍රිලංකාව තුලට නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ඇතුලු නීතිවිරෝධී සියලු මිනිස් ක්‍රියාකාරකම් නවත්වා ගැනීමට ඕස්ට්‍රේලියානු රජයේ සහය අවශ්‍ය බවටද උතුරු ආණ්ඩුකාරවරිය වැඩිදුරටත් පැවසුවාය.

එහිදී ඕස්ට්‍රේලියානු රජයෙන් ලබාදිය හැකි උපරිම සහය ඉදිරියේදී ලබාදීමට පියවර ගන්නා බවටත් උතුරු මුහුද මෙන්ම ශ්‍රීලංකා මුහුදු සීමාව තුල විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් නාවික හමුදාවේද සහය ඇතිව සිදුකිරීමට පියවර ග්නනා බවටද ඕස්ට්‍රේලියානු වෙරලාක්ෂක අධිකාරියේ පළමු ලේකම් බ්‍රැඩ් ඉසැන්ඩර් මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *