මැතිවරණය සම්බන්ධයෙන් දැනුම්දීමක්.!

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම එළඹෙන මාර්තු මස 9 වනදා පැවැත්වීමට අදාළ ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සඳහා සිදුකරනු ලබන දැන්වීම් දිස්ත්‍රික්ක කිහිපයකින් මේ වන විට රජයේ මුද්‍රණාලය වෙත ලැබී ඇති බව වාර්තා වේ.

මැතිවරණයකදි මැතිවරණ දිනය ඇතුළු එහි ක්‍රමවේදයන් සම්බන්ධයෙන් තේරිම් භාර නිලධාරීන් ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන් ප්‍රකාශයට පත් කළ යුතු අතර ඔවුන් විසින් ඒවා මුද්‍රණාලය වෙත ලබාදිය යුතු වේ.

මැතිවරණ කොමිෂන් සභාව විසින් මැතිවරණ දිනය තේරීම් භාර නිලධාරීන් වෙත දැනුම්දීම සිදුකරනු ලබන අතර දැනට ලැබී ඇති දැන්වීම් එළඹෙන දින කිහිපයේ දී ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර ඇති බවද සදහන් කරයි.

මැතිවරණ දිනය, වේලාව, පක්ෂවල නම් සඳහන් කරමින් අදාළ ගැසට් නිවේදනය ඉදිරිපත් කිරීමට නියමිත බවත් මැතිවරණය සඳහා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ආරම්භ කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්‍රණාලය වෙත දැනුම් දී ඇති බවද සදහන් කරයි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *