ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීලග ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් එම පක්ෂය තුළ බෙදීමක් ඇතිවී තිබේ.
එක පාර්ශවයක් බැසිල් රාජපක්ෂ මහතාගේ නම යෝජනා කරමින් ඇති අතර තවත් පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා යෝජනා කර ඇත. කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට තරඟ කිරීමට තම ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කිරීම අකමැත්තක් දක්වා ඇති බවද වාර්තා වෙයි.
ඒ හේතුවෙන් නාමල් රාජපක්ෂ මහතා ඊළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කළ යුතු බව පක්ෂයේ පිරිසක් සඳහන් කර තිබේ. කෙසේ වෙතත් නාමල් රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් තම අදහස පළ කර නැති අතර ඔහු වැඩිපුර කැමැත්තක් දක්වන්නෙ විපක්ෂයට ගොස් එහි කාර්යභාරය කාර්යය සිදු කිරීමට බවද දැනගන්නට ඇත.
කෙසේ වෙතත් පොහොට්ටු පක්ෂයේ බහුතර කණ්ඩායමක අදහස වී ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේදි ගොඩනැගෙන පුළුල් සංධානයකදී පක්ෂයක් ලෙස වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පුර්ණ සහය දක්වමින් ඔහුව ජයග්‍රහණය කරවීම බවත් ඒ සදහා වන ජනාදිපතිවරණ මෙහෙයුම සදහා බහුතරයක් ලහි ලහියේ සුදානම් වෙමින් සිටින බවත් සදහන්.