ඊයේ දින එක්වෙමු වෙනසකට සැරසෙමු තේමාව කර ගනිමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ඉම්පීරියල් උත්සව ශාලාවේදී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හැත්තෑ දෙවන සංවත්සරය අතරතුර වර්තමාන මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාට නොයෙකුත් කෙනෙහිලිකම් වලට මුහුණ දීමට සිදුවී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපට වාර්තා වේ.
පක්ෂය ඇතුළේ වෙන කිසි දෙයක් මම දන්නෙ නෑ.. සැප්තැම්බර් 03 සම්මේලනය තියෙනවා කියලා දන්නවා.. යනාදී දයාසිරි ජයසේකර මහතා මාධ්‍ය වලට සිදුකරන ප්‍රකාශ වලට පක්ෂ අභ්‍යන්තරයේ දැඩි විරෝධයක් පවතින මොහොතක ඔහුගෙන් හිස්වීමට නියමිත මහලේකම් තනතුර සඳහා පක්ෂයේ ප්‍රබල තරුණ නායකයන් කිහිප දෙනෙකුම ඉව අල්ලමින් සිටින බව අපට වාර්තා වේ.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැවැත්වීමට නියමිතව තිබූ පක්ෂ මහා සම්මේලනය කොළඹට ගෙන ඒම පිළිබඳවද පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා දැඩි කනස්සල්ලකින් පසු වූ නමුත් එය පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීන්දුවක් නිසාවෙන් නිහඬව සිටි බවද අපට වාර්තා වේ.
ඒ කෙසේ වෙතත් දිගින් දිගටම තමන්ට එල්ලවන පීඩනය හමුවේ නිහඬව සිටීම තුළ තමා බලාපොරොත්තු නොවන බවත් නිසි කලට නිසි ක්‍රියාමාර්ග ගැනීමට තමන් සූදානමින් සිටින බවත් දයාසිරි ජයසේකර මහතා තම සමීපතමයින්ට පවසා ඇති බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වැඩිදුරටත් වාර්තා වේ.