ඩොලරය පරදා රුපියල අතිප්‍රමාණ වෙද්දි ගතවූ මාස නවයේ රාජ්‍ය ආදායම බිලියන 2,118.8 දක්වා ඉහළට..!

මෙම වසරේ සැප්තැම්බර් මාසයෙන් අවසන් වන මාස 9 තුළදී රාජ්‍ය ආදායම සහ ප්‍රදාන, පසුගිය වසරේ මෙම කාලසිීමාවේ වාර්තාවූ රුපියල් බිලියන 1,450.4 ට සාපේක්ෂව රුපියල් බිලියන 2,118.8 දක්වා ඉහළගොස් ඇති බව මහ බැංකුව පවසනවා.

එමෙන්ම දෙසැම්බර් 01 වනදා දක්වා ගතවූ සතිය තුළ රුපියලේ අතිප්‍රමාණ වීමක්ද දක්නට ලැබෙන බව සඳහන්.

ඒ අනුව රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 10.9 කින් අතිප්‍රමාණ වී ඇති අතර, ඉන්දියානු රුපියලට සාපේක්ෂව සියයට 11.6 කින් අතිප්‍රමාණ වී ඇති බවයි මහ බැංකුව නිකුත් කළ සතිපතා වාර්තාවේ දැක්වෙන්නේ.

එසේම මෙම කාලපරිච්ඡේදය තුළ රුපියල, ජපන් යෙන්වලට සාපේක්ෂව සියයට 23.5 කින්ද, ස්ටර්ලින් පවුමට සාපේක්ෂව සියයට 5.5 කින් ද, යුරෝ මුදලට සාපේක්ෂව 8.3 කින් ද අතිප්‍රමාණ වී තිබෙනවා.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *