ශ්‍රිලනිපය සුනේ සුන්..! සිරිසේනට එදිරිව අධිකරණයට යන්න ගිය දයාසිරිට උකුසු සිරිසේන කරපු අළුත්ම වැඩේ මෙන්න..!

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ද අත්හිටුවීමට තීරණය කර තිබේ.

ඒ ඔහුගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් ධුරය ඊයේ පස්වරුවේ තහනම් කිරීමෙන් පසුවයි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධූරය අත්හිටුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අධිකරණය හමුවට යාමට තීරණය කර තිබේ.

ඒ මහතා පැවසුවේ අදාල තීරණයට එරෙහිව අධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කරන බවයි

දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් ධුරයේ කටයුතු කිරීම අත්හිටුවීමට ඊයේ පස්වරුවේ රැස් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩලය තීරණය කර තිබිණි.

ඒ බව දන්වමින් පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් දයාසිරි ජයසේකර මහතාට ලිපියක්ද  යොමුකර  තිබින.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *