අභියෝග වලට නොබියව මුහුණදෙන දිවයිනේ සුප්‍රසිද්ධ මාලේවන පරපුරේ දේශපාලන නියෝජනය නව මුහුණුවරකින් අද යලිත් වැඩ අරඹයි..!

එදත් අදත් කවදත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ එක්සත් ජාතික පක්ෂයට ඉතා හිතවාදීව කටයුතු කරන දිවයිනේ ඉතා ප්‍රමුඛ ආයුර්වේද පරම්පරාවක් වන මාලේවන පරම්පරාවේ දේශපාලන ආගමනය ප්‍රසිද්ධ ව්‍යාපාරික උපුල් මාලේවන මහතා අද සිය දේශපාලන කටයුතු නව මුහුණුවරකින් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපට වාර්තා වේ.

ඒ අනුව අද දින අතිගරු ජනාධිපතිතුමාටත් 77 වසරක අභිමානය සමරන එක්සත් ජාතික පක්ෂයටත් රටටත් සමස්ත ශ්‍රී ලාංකික ජනතාවටත් සෙත් පතමින් සිදු කරනු ලබන බෝධි පූජා පිංකමකින් සහ ඒ හා බැඳුණු ආගමික කටයුතු රාශියකින් අනතුරුව තම දේශපාලන කටයුතු නව මුහුණුවරකින් ආරම්භ කිරීමට ඔහු සූදානමින් සිටින බවයි අපට වාර්තා වන්නේ.

මෙම අලුත් ගමන සඳහා කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන පළාත් පාලන මන්ත්‍රීවරුන් බහුතරයකගේ සහාය ද ඔහු වෙත ලැබෙන බවයි වැඩිදුරටත් තහවුරු වී ඇත්තේ

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *