පක්ෂය ගිනියම්.! කුමන්ත්‍රණ එලියට..! දිලිත් – හේමකුමාර – නන්දසේන ගුවන් යානා ජනපති අපේක්ෂක සටනක..!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවතත් දේශපාලනයට පිවිසීම සඳහා සූදානම් වෙමින් සිටින බවට ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා විසින් මෑතක දී නායකත්වය ගන්නා මවුබිම ජනතා පෙරමුණට හිටපු ජනාධිපතිවරයා විසින් සහාය පළ කරමින් ඇති බව ද එම වාර්තාවේ සඳහන් වෙයි.

එම නව පක්ෂය ට සාමාජිකයන් බඳවාගැනීමේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වියත්මග ව්‍යාපාරයට සමාන ව්‍යුහයක් ඇති කරමින් වෘත්තිකයන්, ව්‍යාපාරිකයන් සම්බන්ධ කර ගැනීම  ආරම්භ කර ඇතැයිද සදහන්ය.

ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කිරීමට සූදානම් බව මව්බිම ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක හිටපු ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා සඳහන් කරයි.

දිලිත් ජයවීර මහතාගේ අරමුණ සංවිධානය ද මවුබිම ජනතා පක්ෂය සමග ඉදිරි මැතිවරණ වලට තරග කිරීමට එක්වූ බව ද ඒ සඳහා එක්ව කටයුතු කරන බවත් හෙතෙම කියා සිටියි.

මව්බිම ජනතා පක්ෂයේ නායකයා වන්නේ දිලිත් ජයවීර මහතා වන අතර එහි ජ්‍යෙෂ්ඨ නායකවා හේමකුමාර  නානායක්කාර  මහතාය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *