ඇමති ඩයනා සසුන්ගතවෙලා..?

සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය ඉන්දීය චිත්‍රපටියක මෙහෙණින් වහන්සේ නමක ලෙස රඟපෑමට තෝරාගෙන සිටින්නීය.

ඒ අනුව එම චරිතය රඟපෑමට කැමැත්ත පළකර ඇති ගමගේ මහත්මිය ඒ සඳහා අද (21) හිස මුඩු කරන බව ආරංචි මාර්ග සඳහන් කළේය.

ඩයනා ගමගේ මහත්මිය මෙසේ තෝරාගෙන ඇත්තේ ඉන්දියාවේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු විසින් ශ්‍රී ලංකා ඉන්දියා මිත්‍ර සම්බන්ධතා උදෙසා නිර්මාණය කරනු ලබන බෞද්ධ තේමාවක් රැගත් සම්භාව්‍ය සිනමා කෘතියක ප්‍රධාන චරිතයක් වන මෙහෙණින් වහන්සේ නමකගේ චරිතයකට පන පෙවීමටය.

ඉන්දීය චිත්‍රපටි අධ්‍යක්ෂවරයා සිය චිත්‍රපටයේ රඟපෑම සඳහා කළ ආරාධනය ඩයනා ගමගේ මහත්මිය ඉතා කැමැත්තෙන් බාරගෙන ඇතැයිද දැනගන්නට ඇත.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *