දයාසිරි පන්නා දැමු ශ‍්‍රීලනිපයේ සහය ජනපති පාර්ශවයේ ලංසාගේ සංධානයට..! දයාසිරිගේ සහයත් ජනපති රනිල්ට.! ශ්‍රිලනිපය ගෙඩිය පිටින්ම ජනපති රනිල්ගේ සහයට..!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් ධුරයක් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා නෙරපීම එළඹෙන ජනාධිපතිවරණයේදී ශ‍්‍රීලනිපය රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීම සඳහා පෙර සූදානමක් යයි ආරංචි මාර්ග වාර්තා කරයි.

ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කිරීමට ආණ්ඩුවේ අමාත්‍ය ධුර දරන එම පක්ෂයේ මන්ත්‍රීවරුන් මූලික වී තිබේ.

මේ වන විටත් මේ වන විට නිමල් ලන්සා මහතා විසින් සම්බන්ධීකරණය කරමින් සිටින නව දේශපාලන සන්ධානය සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවේ සිටින මන්ත්‍රීවරුන් සමීපව කටයුතු කරමින් සිටියි.

එම නව සන්ධානයද මීළඟ ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට  සූදානමින්  සිටියි.

මේ අතර උන් හිටිතැන් අහිමි වු ශ්‍රිලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාද නුදුරේදීම වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමේ සුදානමකින් පසුවන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපට වාර්තා වේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *