සමාජ සංවාද සහ කම්කරු සබඳතා පිළිබඳ ඩිප්ලෝමා වැඩසටහනේ සමාරම්භක උත්සවය අද..!

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ජාත්‍යන්තර පුහුණ මධ්‍යස්ථානයේ සහ කම්කරු අධ්‍යයන ආයතනය එක්ව පවත්වන සමාජ සංවාද සහ කම්කරු සබඳතා පිළිබඳ ඩිප්ලෝමා වැඩසටහනේ සමාරම්භක උත්සවය ගරු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) දින කොළඹ 03 Movenpick හෝටලයේ පැවැත්විණි.

මෙම ඩිප්ලෝමා වැඩසටහන විදේශ රැකියා අමාත්‍යංශයේ, යුරෝපා කොමිසමේ, ග්ලෝබල් ඩීල් සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සම්බන්ධීකරණයෙන් සහ අනුග්‍රාහකත්වයෙන් පවත්වන ලබයි.
එමගින් සමාජ සංවාද සහ කම්කරු සබඳතා යන ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාවේ රජයේ සහ සමාජ හවුල්කරුවන්ගේ ධාරිතාව වර්ධනය කිරීම අපේක්ෂා කරයි.

මෙම අවස්ථාවේදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ ලේකම් ආර්.පී.ඒ. විමලවීර මහතා සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මෙරට අධ්‍යක්ෂිකා සිම්රින් සින් මහත්මිය අතර අවබෝධතා ගිවිසුමක්ද අත්සන් තබනු ලැබීය.

සමාරම්භ උත්සවයේදී පැමිණි සිටි පිරිස අමතමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ගරු මනූෂ නානායක්කාර මහතා මෙලෙස අදහස් දැක්වීය. “අද දින මෙම අවස්ථාවට එක්වීමට ලැබීම් සම්බන්ධයෙන් මම අතිශයින්ම ගෞරවයට පත්වෙනවා. ලොව පුරා මෙන්ම අපේ රටේ ද කම්කරු සබඳතා හැඩගැස්වීමේදී ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් ඉටු කරන ලද කාර්යභාරයට විශේෂ පිළිගැනීමක් ලැබිය යුතුය. යහපත් වැඩ පරිසරයක් සහ සමාජ සාධාරණත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධානය හි අඛණ්ඩ උත්සාහයන් අපගේ බොහෝ මුලපිරීම් සඳහා මූල් ගල බවට පත්ව තිබෙනවා. ඔවුන්ගේ හවුල්කාරිත්වයට අපි බෙහෙවින් කෘතඥ වෙනවා.
අද ලෝකය වේගයෙන් වර්ධනය වෙමින් පවතිනවා. අප වැඩ කරන ආකාරය, සේවා යෝජක-සේවක සබඳතාවල ගතිකත්වය සහ සේවා ස්ථානයේ තත්ත්වයන් විශාල වෙනස්කම්වලට භාජනය වෙමින් පවතිනවා. මෙම වෙනස්වන තත්ත්වය තුල, ඵලදායී සමාජ සංවාදයක සහ ශක්තිමත් කම්කරු සබඳතාවල අවශ්‍යතාවය අත්‍යවශ්‍ය පමණක් නොව ප්‍රමුඛ වී තිබෙනවා.

මෙම ඩිප්ලෝමාව සමාජ සංවාදයක සහ කම්කරු සබඳතාවල හැකියාවන් ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම ඉතාම කාලෝචිතයි. කම්කරු සබඳතා වල පවතින ඇතැම් සංකීර්ණ තත්ත්වයන්, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, ජාත්‍යන්තර කම්කරු ප්‍රමිතීන් පිළිබද ඩිප්ලෝමාවට සහභාගිවන්නන් හට අවබෝධයක් ලබා ගැනීමට අවකාශය සලසනවා. මෙම වැඩසටහන මගින් මර්ග ගත, මෙන්ම ප්‍රයෝගික අත්දැකීම් ඇතුළුව පරිපූර්ණ ඉගෙනුම් අත්දැකීමක් ලබා දීම සහතික කරනවා.

ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනය සඳහා කාර්මික සාමය සහ සහජීවනය ප්‍රවර්ධනය කිරීම කම්කරු අධ්‍යයන ආයතනය හි දැක්මයි. මෙය අපගේ අමාත්‍යාංශයේ ඉලක්ක සමඟ ඉතා තදින් බැදී සිටිනවා. අංශ රැසක් ආවරණය වන ඩිප්ලෝමා සහ සහතිකපත්‍ර පාඨමාලා සමඟින්, කම්කරු අධ්‍යනය ආයතනය මෙරට ශ්‍රම අධ්‍යාපනය සැපයීමේ ක්ෂේත්‍රයේ සුවිශේෂී ආයතනයක් බවට පත්ව තිබෙනවා. මෙම නව ඩිප්ලෝමාව එහි තවත් එක් පියවරක්.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය, ජාත්‍යන්තර කම්කරු සංවිධානය සහ අනෙකුත් හවුල්කරුවන්ගේ ඒකාබද්ධ ප්‍රයත්නයන් යුරෝපීය කොමිසම, ආර්ථික සහයෝගිතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානයේ සහ ග්ලෝබල් ඩීල් වැනි ගෞරවනීය සංවිධාන විසින් අරමුදල් සපයන ලද අතර එලෙස ලැබෙන සහය මගින් මෙම ඩිප්ලෝමාවේ උපරිම ඵල නෙලා ගැනීමට ඊට සහභාගී වන්නන් හට හැකියාව ලැබී තිබෙනවා. මෙම මුලපිරීම මගින් අප රටේ කම්කරු සබඳතාවල අනාගතය සැලකිය යුතු ලෙස හැඩගස්වනු ඇති බවත් , සේවා යෝජකයින් සහ සේවකයින් අතර සමබර, සුහද සහ ඵලදායී සම්බන්ධතාවයක් සහතික කරනු ඇති බවටත් මම විශ්වාස කරනවා.”

මෙම අවස්ථාවට යුරෝපියානු සංගමයේ සහයෝගිතා ප්‍රධානී ජොහාන් හෙස්ගේ, සේව්‍ය සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් වජිර ඇල්ලේපොල, ලංකා කම්කරු කොංග්‍රසයේ කේ. මරිමුත්තු යන මහත්වරුන්ද එක්ව සිටියහ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *