ජේෂ්ඨත්වය කුණු කූඩයට..! කුසලතාවයට මුල් තැන..!දේශබන්දුගේ සිහින බොදකරමින් අද පොලිස්පති පුටුවට වෙන්න යන දේ මෙන්න..!

හිටපු පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා විශ්‍රාම යාමත් සමඟ පුරප්පාඩුව වන පොලිස්පති ධුරය සදහා අනුප්‍රාප්තිකයා තේරීමේදී මෙතෙක් සලකා බැලූ සම්ප්‍රදාය වන ජේෂ්ඨත්වය යන සාධකය ඉවත දමා පොලිසිය තුළ රාජකාරියට කිරීමේදී එම නිලධාරියා දැක්වූ කුසලතාවය යන සාධකයට ප්‍රමුඛත්වය ලබාදීමේ ප්‍රවණතාවයක් නිර්මාණය වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපට වාර්තා වේ..

වැඩිදුරටත් වාර්තාවන තොරතුරු අනුව පොලිස්පති ධුරය සඳහා මේ මොහොතේ කතාබහට ලක්වන සියලුම ජේෂ්ඨ නිලධාරීන් පසෙකලා පිටතින් වෙනත් නිලධාරියෙකු පොලිස්පති ධුරයට පත් කිරීමේ සූදානමක් ඇති බව සඳහන්..

උත්තරීතර අධිකරණය තුළ විභාග වෙමින් පවතින නඩු කිහිපයක සැකකරුවකු වන බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මේ අනුරාධපුර පූජා නගරයේ පොලිස්පති ධුරය පතා විවිධ පින්කම් වල නිරත වන මොහොතක මෙම පුවත සමාජගතවීම විශේෂත්වයකි..

ඒ කෙසේ වෙතත් මේ පිළිබඳ අදහස් දක්වමින් සමාජ ක්‍රියාකාරීන් සහ විද්වතුන් සඳහන් කරන්නේ ජේෂ්ඨත්වය පසෙකලා කුසලතාවය ප්‍රමුඛ කොටගෙන පොලිස්පති ධුරය ලබාදීම සත්‍ය වශයෙන්ම ප්‍රශංසනීය තීන්දුවක් බවයි..

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *