ඇමති මනූෂගේ සංකල්පයක්..! ශ්‍රම වාසනා අරමුදලෙන් දැයේ දූදරුවන්ට ශිෂ්‍යත්ව..!

මව හෝ පියා කර්මාන්තශාලාවක හෝ වැඩබිමක සේවය කරමින් සිටියදී වෘත්තීය අනතුරකට ගොදුරව මියගිය හෝ පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වීම මත ශ්‍රම වාසනා අරමුදල මගින් පාසල් ළමුන්ට ශිෂ්‍යත්වය ලබා දීමේ වැඩසටහනක් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දිනයේදී සිදු කෙරිණි.

ඒ අනුව දින දරුවන් 37 දෙනෙකු වෙත මෙම ශිෂ්‍යත්ව ලබා දුන්නේය. සෑම වසරකම මෙවැනි දරුවන් 100 දෙනෙකු වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබාදෙන අතර ආරම්භයේ සිට මේ දක්වා 2000කට අධික දරුවන් පිරිසකට ශ්‍රම වාසනා ශිෂ්‍යත්ව පිරිනමා ඇත.

ඒ අනුව ඊයේ දිනයේ සෑම දරුවෙකුමට රුපියල් 50,000ක ස්ථාවර තැන්පතුවක්, රුපියල් 21000ක් විටිනා පාසල් උපකරණ කට්ටලයක් හා පාසල් පාවහන් ලබා ගැනීමට රුපියල් 4000 වවුචරයක් ලබාදීම සිදුකලේය.

මෙහිදී අදාල ස්ථාවර තුන්පතුවෙන් මාස 3කට වරක් පොලිය භාරකරුගේ නමින් ඇති ගිණුමකට තැන්පත් කෙරෙන එමගින් දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා ඉටු කරගැනීමට හැකියාව හිමිවේ. මේ අතර වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පසු දරුවගේ උසස් අධ්‍යාපන අවශ්‍යතා සඳහා මේ මුදල යොදා ගත හැකිය.

මීට අමතරව ඊයේ දිනයේදී පූර්ණ දැනුම් දීමකින් තොරව ආයතනය වසා දැමූ අවස්තාවක සේවා නියුක්තිකයින්ට මුල්‍ය හා වෙනත් ආධාර සැපයීමට ශ්‍රම වාසනා අරමුදල මගින් ක්‍රියාත්මක නීති ආධාර වැඩසටහන යටතේ 7 දෙනෙකු හට නීති ආධාර ලබාදීම සිදු කෙරිණි.

එමෙන්ම අමත්‍යවරයාගේ සංකල්පයකට අනුව වැඩබිම් තුල ආරක්ෂිත සංස්කෘතියක් ඇති කිරීමට ආරක්ෂිත නායකයින් පුහුණු කීමේ වැඩසටහන හදුන්වා දී ඇත.

එහි තවත් එක් පියවරක් ලෙස කම්කරු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සුරක්ෂිතතා අංශය හා වෘත්තීය ස්වස්ථතා අංශය එක්ව මෙම වැඩසහන දෙදිනක් පුරා පවත්වනු ලැබීය. එම පුහුණුවට එක්වූවන් 12 දෙනෙකු හටද අද දින සහතික ලබාදීම අමාත්‍යවරයා අතින් සිදුවිය.

#ministryofforiengemployment

#මගෙන්පටන්ගමු

#ManushaNanayakkara

#sramwasana

#srilanka

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *