සංවර් ධන අංශයෙන් වෙන්නේ ඩිරෙක්ටර් බුවාගේ සංවර් ධනේ මිසක් ජනපතිගේ ප්‍රතිරූප සංවර් ධනේ නෙමෙයි..! එජාප ටෝක් ෂෝ බදු අරං ඉන්න හිටපු ජෙප්පෙක්ට එරෙහිව බදුල්ලෙන් ප්‍රහාරයක්..!

ජනාධිපතිවරයාගේ ප්‍රතිරූප සංවර්ධනය සඳහා පිහිටුවා ඇති ඇතැම් අංශවලින් සිදුවන්නේ එහි අධ්‍යක්ෂකවරයාගේ ප්‍රතිරූපය සංවර් ධ නය වීම පමණක් බවත් ජනාධිපතිවරයාට අදාළ වන ප්‍රවෘත්තීන් එම අංශවල වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය පිටුවල යාවත්කාලීන වන්නේ ඉතා මන්දගාමීව බවත් බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයෙක් තම හිත මිතුරන් සමඟ පවුලේ සාදයක් අතරතුර පවසා ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපට වාර්තා වේ.

තොරතුරු තාක්ෂණය පිළිබඳව හසල දැනුමක් ඇති අදාල එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයාට එක්සත් ජාතික පක්ෂය තුළ තිබූ ස්ථානය අහිමි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණෙන් පන්නා දමන ලද වර්තමානයේ එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය අංශය බදු ගෙන සිටින ටෝක්ෂෝ වල එජාප නියෝජනය පිළිබඳ තීන්දු තීරණ ගන්නා හිටපු ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයෙකු සම්බන්ධ බවද ඔහු එහිදී තම සමීපතමින් සමග පවසා ඇත.

අනිත් මිනිස්සුන්ට ටෝක් ෂෝ වලට යන්නේ දෙන්නෙ නෑ.. එයා හිතන් ඉන්න ඒක එයාගේ බූදලයක් කියලා..මිනිස්සු කුණුහරපෙන් බනින්නේ ඌ කියන බයිලා අහලා.. අපිටත් පාරේ බැහැලා යන්නේ නෑ යනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය හැසිරවීම පිළිබඳවද එම ප්‍රබලයා දැඩි කනස්සල්ලෙන් අදහස් දක්වා ඇත.

ලොක්කත් අනේ මන්දා.. බලය ආපු ගමන් කොහෙවත් හිටපු ජෙප්පෙක්ව ලොකු කරගෙන දඟලනවා. බලය නැතිවුනාම තමයි අපිට එන්න කියන්නේ. යනුවෙන් එම ප්‍රබලයා ඉතා කනස්සල්ලෙන් යුතුව තම සමීපතමයෙන් සමඟ පවසා ඇති බව සඳහන්.

අර සංවර්ධන කියලා අංශයක් තියෙනවා. ඒකෙන් වෙන්නේ අධ්‍යක්ෂක සංවර් ධනය විතරයි මචං. ජනාධිපතිතුමාගේ ප්‍රතිරූප සංවර් ධනය වෙන්නේ ගොළුබෙල්ලන් වගේ. අනේ මන්දා ඉතින් අපිටත් මේවා බලාගෙන ඉන්න උනානමෙං හිතාන ඉන්නේ සර් හම්බ උනාම මේ සේරම ලිඛිතවම දිලා විස්තරේ කියන්න මචං කියමින් සුසුම් හෙලමින් ඔහු එම සාකච්ඡාව අවසන් කර ඇති බව සඳහන්.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *