ඔහිය ප්‍රදේශයේ අනවසර ඉදිකිරීම් ගැන ජනපති රනිල්ගෙන් දැනුම්දීමක්..!

බොරලන්ද සිට හෝර්ටන්තැන්න දක්වා ඔහිය ප්‍රදේශයේ සිදු කෙරෙන අනවසර ඉදිකිරීම් නැවැත්වීම සඳහා වහාම පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට දැනුම් දී තිබේ.

ඔහිය ප්‍රදේශයේ සිදුකර තිබෙන ඉදිකිරීම් හේතුවෙන් ඒ ආශ්‍රිතව දැඩි පරිසර විනාශයක් සිදුව ඇති බවට තමාට නිරීක්ෂණය වූ බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඌව පළාත් පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති බදුල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම අදහස් පළ කළේය.

වසර 03ක් නතර වී තිබූ සංවර්ධන කටයුතු ලබන වසරේ සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ද රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කළේය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *