පුංචි ඡන්දෙට ඉල්ලූ රාජ්‍ය සේවකයන්ට සහන දෙන්න කැබිනට් අනුමැතිය..!

පළාත් පාලන  ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වූ දේශපාලන අයිතිවාසිකම් හිමි රජයේ නිලධරයන් සඳහා සහන ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

බල ප්‍රදේශයෙන් පිටතට මාරු කරනු ලැබූ අය ඒ සඳහා අභියාචනා කරන්නේ නම් සේවා ස්ථානයේ දේශපාලන කාර්යන් වල හෝ දේශපාලන ප්‍රචාරණ  කාර්යයන් වල නිරත නොවෙමින් කටයුතු කරන බවට එම නිලධරයන්ගෙන් දිවුරුම් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව ස්ථිර සේවා ස්ථානයට වාර්තා කිරීමට ඉඩ සලසා දීම, 2023/4/ 25 දින සිට 2023/5/8 තෙක් කාලය වැටුප් සහිත නිවාඩු සේ සලකමින් මූලික වැටුප ගෙවීම, 2023 පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාම යෝජනා භාරදී ඇති නිලධරයන් 2023.05/8 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අනුව අනිවාර්යයෙන් සේවයට වාර්තා කරන ලෙස නියම කිරීම,ඒ අනුව දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය නිලධරයන්ගේ ගැටලු විසඳීම සඳහා ඉහත කරුණු ඇතුළත්ව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *