ඇමති මනුෂගෙන් මන්ත්‍රි මහින්දට මුද්දරයක්..!

කම්කරු දෙපාර්තමේන්තුවට වසර සියයක් සම්පූර්ණවීම නිමිත්තෙන් නිකුත් කළ සියවස් සමරු මුද්දරය එළි දැක්වීය.

එහිදී පළමු මුද්දරය හා මුල් දින කවරය කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් 1994 වසරේ සිය 2000 වසර දක්වා කම්කරු ඇමැතිවරයා වශයෙන් කටයුතු කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රදානය කළේය.

කම්කරු දෙපාර්තමේන්තුවට වසර සියයක් සම්පූර්ණවීම නිමිත්තෙන් පාසල් මට්ටමින් පැවැති මුද්දර නිර්මාණ තරගයෙන් ජය ලැබූ හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ පී.ජී.ඩී. අදීෂා සෙව්නුලිගේ නිර්මාණය මුද්දරය සදහා යොදාගෙන තිබුණි. එහි දෙවැනි ස්ථානය දිනාගත් එම විද්‍යාලයේම සෙනුලි බිහන්ගා විජේසේකර දියණියගේ නිර්මාණය මුල් දින කවරය ලෙස යොදාගෙන තිබුණි.

මෙරට කම්කරු ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා කටයුතු කළ සියලු දෙනා වෙනුවෙන් මෙම මුද්දරය සහ මුල් දින කවරය නිකුත් කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මෙහිදී සදහන් කළේය.

කම්කරු දෙපාර්තමේන්තුවට වසර 101ක් ගතවීමට පෙර නව රැකි රක්ෂා පනත ගෙන එමින් මෙරට කම්කරු ක්ෂේත්‍රය උඩු යටිකුරු කිරීමට කටයුතු කරන බවත්, මෙතෙක් කම්කරු ක්ෂේත්‍රයේ පැවති අඩුපාඩු සියල්ලටම විසදුමක් සහ ශ්‍රමයට නිසි ගරුත්වයක් ලබාදීමට නව රැකි රක්ෂා පනත හරහා අවකාශය උදාවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *