දැන් ලංකාවේ බඩු නෑ..! රට පුරා මත්කුඩු විශාල හිගයක්..! ඉල්ලුමට සැපයුම නෑ…! අපි සාර් ථකයි..! දේශබන්දුගෙන් ප්‍රකාශයක්..!

මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සඳහා රට පුරා ඇති සිදුකරමින් තිබෙන ‘යුක්තිය’ මෙහෙයුම හේතුවෙන් මෙ වන විට මත්කුඩු ජාලය බිද වැටී විශාල බෙදැහැරීම් හිගයක් රට තුළ ඇතිවී තිබෙන බව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

ගල්කිස්ස පොලිස් කොට්ඨාශයේ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා හෝමාගම දියගම තාක්ෂණික විශ්ව විද්‍යාලයේ පැවති වැඩසටහනකට‍ ඒක්‌වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවසීය.

ලංකාව පුරා පවතින ග්‍රාම නිලධාරී වසම් 14000කට‍ අධික ප්‍රමාණයක මේ වන විට ප්‍රජා පොලිස් කමිටු ස්ථාපිත කර තිබෙනවා. එහි මූලිකම අපේක්ෂාව ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට සහයෝගය ලබාදීමයි. ඒ හරහා සෑම ගමකම පදිංචිකරුවන් පිළිබඳ නිවැරදි තොරතුරු අප වෙත ලැබෙනවා. බාහිර පාර්ශවයන්ගෙන් ගමට ඇතුල් වන පිරිස් ගැන තොරතුරු ලැබෙනවා.

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ වසර හතළිහකට වඩා පැරණි පොලිස් වාර්තා තිබෙනවා. ඒ කාලය තුළ ලක්ෂ ගණනක ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ වන විට විවිධ මත්ද්‍රව්‍ය වර්ග රාශියක් රටේ සෑම ප්‍රදේශයකම පැතිර ගොස් තිබෙනවා. අවාසනාවන්ත ලෙස පාසල් පද්ධතියට පවා එය ඇතුල් වී තිබෙනවා. එම නිසා සම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැර වූ මත්ද්‍රව්‍ය පාලනය කිරීමේ වැඩසටහනක් රටට අවශ්‍යයයි.

ජනාධිපතිතුමාගෙන් සහ විෂය භාර අමාත්‍යතුමාගෙන් ලැබුණු උපදෙස් අනුව මේ පිළිබඳ විශේෂ වැඩසටහනක් අප විසින් සකස් කරනු ලැබුවා. ඒ අනුව දීප ව්‍යාප්තව මත්ද්‍රව්‍ය සහ පාතාලය පාලනය කිරීම පිළිබඳ මේ මෙහෙයුම් ආරම්භ කරනු ලැබුවා.

බුද්ධි අංශය මත්ද්‍රව්‍ය කාර්යාංශය ඇතුළු අංශ වල දායකත්වයෙන් ලංකා පුරා මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වන පිරිසගේ ලැයිස්තුවක් සකස් කර තිබෙනවා. ඒ අනුව ඒ ඒ පොලිස් ස්ථානාධිපතිවරුන්ට තමන්ගේ ප්‍රදේශයට අදාල නාම ලේඛනයේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ වගකීම පැවරෙනවා. එලෙස අත්අඩංගුවට ගත් විශාල පිරිසකගෙන් මේ වන විට ප්‍රශ්න කරමින් නිත්‍යානුකූල ක්‍රියාමාර්ග ගනිමින් පවතිනවා. මේ මෙහෙයුමත් සමග මේ වන විට ප්‍රාදේශ මට්ටමේ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ විශාල හිඟයක් ඇතිව තිබෙනවා.

ජනතාව මීට පෙර පොලිසියට චෝදනා කළේ මත්ද්‍රව්‍ය ජාවාරමේ දැවැන්තයින් සිටියදී සුළු සුළු වැරදිකරුවන් පමණක් අත්අඩංගුවට ගන්නා බවයි. එක් දිනකදී දකුණු පළාතේ පමණක් ලක්ෂ 1300කට අධික දේපළ රාජසන්තක කිරීමට පියවර ගනු ලැබුවා. වාහන අති විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ සියල්ල මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ.

අප එතැනින් නවතින්නේ නැහැ. වසර වසර හතළිහක් පුරා ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ගෙන ආ ප්‍රධාන ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට අප අසමත් වී තිබෙනවා. ස්ථිර වශයෙන්ම මේ මෙහෙයුම අවසානයේදී ශ්‍රී ලංකා පොලිසිය ලංකාවේ ළමා සහ තරුණ පරපුර විනාශයට ඇද දමන මත්ද්‍රව්‍ය ජාවාරමේ දැවැන්තයින් අත්අඩංගුවට ගැනීම දක්වා රැගෙන යනවා.

මෙය සාර්ථක කරගැනීමට නම් ජනතාවද පොලිසිය සමඟ අත්වැල් බැඳගත යුතුයි. ඉතාමත් ආරක්ෂිතව සහ රහසිගතව ජනතාවට තොරතුරු ලබාදිය හැකි දුරකථන ඇමතුම් ක්‍රමයක් අප හඳුන්වා දී තිබෙනවා.

ලංකාව පුරා පාතාල සාමාජිකයින් 1091ක් පොලීසිය විසින් නම් වශයෙන් හඳුනාගෙන තිබෙනවා. ඉන් 135ක පමණ පිරිසක්  බන්ධනාගාරය තුළ සිටියදී ද අපරාධ මෙහෙයවනවා.ඒ පිළිබඳ තොරතුරු ද අදාළ පොලිස් ස්ථාන වල ස්ථානාධිපතිවරුන් වෙත මේ වන විට ලබාදී තිබෙනවා.

සෑම බන්ධනාගාරයක් ආශ්‍රිතවම බුද්ධි මගින් අපරාධකරුවන්ට සහාය දීම පිළිබඳ ක්‍රියාත්මක වීමටද කටයුතු කර තිබෙනවා.

මේ වන විට විෂයභාර අමාත්‍යතුමාගේ මැදිහත්වීම මත ඉතිහාසයේ පළමුවරට  කටුනායක ගුවන්තොටුපොල හරහා අපරාධ සිදුකර රටින් පලා යෑම පිළිබඳ විශේෂ විමර්ශනය කිරීමේ කැමරා පද්ධතියක් ස්ථාපනය කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.

ජනාධිපතිතුමා අමාත්‍යතුමා ඇතුළු අනෙකුත් නිලධාරීන්ගේ ඉහළම සහයෝගය සහ උපදේශකත්වය මත මෙම වැඩපිළිවෙළ සාර්ථකත්වය කරා ගෙන යෑමට අවශ්‍ය සියලූම දායකත්වය පොලිසිය ලබා දෙනවා.  ඊට අවශ්‍ය රටේ නීති ගරුක යුක්ති ගරුක ජනතාවගේ සහයෝගය පමණයි.

– Media unit

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *