යක්ෂයා පුජකවරුන්ගේ සිත් තුලට එන අයුරු පාප් වහන්සේම හෙලි කරයි..!

පූජකවරුන් අසභ්‍ය වීඩියෝ දර්ශන නැරඹීමට පෙළඹී ඇතැයි ශුද්ධෝත්තම පාප් වහන්සේ ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ වතිකානයේ පැවැති මෙහෙයකදී ශුද්ධෝත්තම පාප් වහන්සේ මේ බව ප්‍රකාශ කර ඇති බවය.

එහිදී උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ කතෝලික පූජකවරුන් සහ කන්‍යා සොහොයුරියන් අසභ්‍ය වීඩියෝ දර්ශන නැරඹීමට පෙළඹී ඇති බවය.

නූතන ඩිජිටල් තාක්ෂණය සහ සමාජ මාධ්‍ය සඳහා ඇති පහසු අන්තර්ජාල ප්‍රවේශය හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවද උන්වහන්සේ ප්‍රකාශ කර තිබේ.

ඉන් පූජකවරුන් අකුසලයට යොමුව ඇති බවත්, ඒ ඔස්සේ ඔවුන්ගේ සිත තුළට යක්ෂයා පිවිසෙන බවත් උන්වහන්සේ වැඩිදුරටත් පවසා තිබේ.

පාප් වහන්සේ මෙහිදී ඉල්ලා සිටියේ එවන් දර්ශන තම ජංගම දුරකතන තුළ ඇත්නම් ඒවා මකා දමන ලෙසටය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *