ලංකාවේ ලොකුම බර චතුරිකා උස්සයි…!

මෙරට ක්‍රීඩිකාවක බර ඉසිලීමේ ක්‍රීඩා ඉතිහාසයේ ඉහළම දස්කම ප්‍රදර්ශනය කිරීමට චතුරිකා ප්‍රියන්ති ක්‍රීඩිකාව සමත් වී තිබේ.

ඒ පොළොන්නරුවේදී ආරම්භ වූ ජාතික බර ඉසිලීමේ ශූරතා තරගාවලියේදීය.

නාවික හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරන ඇය කිලෝග්‍රෑම් 87 බර පන්තිය යටතේ තරඟ වදිමින් මෙම දස්කම දැක්වූවාය.

එහිදී ඇය ක්ලින් ඇන්ඩ් ජර්ක් ක‍්‍රමයට කිලෝ ග්‍රෑම් 113ක බරක් ඔසවමින් හා ස්නැච් ක්‍රමයට කිලෝ ග‍්‍රෑම් 90ක බරක් ඔසමින් වාර්තා දෙකක් පිහිට වූවාය.

ඇය එසවූ සමස්ත බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 203ක් වන අතර එය මෙරට ක්‍රීඩකාවක විසින් බර ඉසිලීමේ ඉසව්වකදී එසවූ වැඩිම බර ප්‍රමාණයයි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *