ක්‍රිකට් කාපු අය මැතිවරණ වලදී පරිස්සම් වෙන්න..! කැප්ටන් කූල් රණතුංග අනතුරු අගවයි..!

ඉන්දියාව සමග එක් වී මෙරට ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළ සියලුදෙනාව තමන් ඉදිරි මැතිවරණයකදී හෙළිකරන බව හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් හෙට සිට ආරම්භ වන නීතිඥයින්ගේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.

රටවල් පහක නීතිඥවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන නීතීඥයින්ගේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවය කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේදී අද පැවැත්වුණි.

එම අවස්ථාවට එක්වූ හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා ප්‍රදර්ශනාත්මකව ක්‍රිකට් ක්‍රීඩාවේද නිරතවිය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *