මා හා විවාදයට ආවේ මොලේ නොමේරූ දෙදෙනෙක්..! කතාවේ කොටසක් අල්ලගෙන මඩ ගහනවා..! නලින් හේවගේ

පසුගියදා රූපවාහිනි දේශපාලන වැඩසටහනකදී මගේ අදහස සම්පූර්ණයෙන් නිමා කරන්නට ඉඩ නොදී ඉන් මැද කොටසක් අල්ලාගෙන අඳබාල පොහොට්ටු මන්ත්‍රින් දෙදෙනකු තමාට අපහාස කළ බවත් එය දිගින් දිගටම මාධ්‍ය හරහා ‘මාර්කට්’ කරමින් සිටින බවත් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික හිටපු පළාත් සභා මන්ත්‍රි නලින් හේවගේ පැවැසීය.

රූපවාහිනි වැඩසටහනකට පැමිණ පුළුල් සංවාදයක් හෝ කර ගැනීමට නොහැකි මොළේ නොමේරූ පොහොට්ටු මන්ත්‍රින් දෙදෙනා ලවා ජාතික ජන බලවේගයට අපහාස කිරීම හැර වෙන කිසිවක් ඔවුන්ගේ ජඩ බල ව්‍යාපෘතියේ නොමැති බවද හේවගේ මහතා ප්‍රකාශ කළේය.

විශේෂයෙන්ම පසුගියදා රූපවාහිනි වැඩසටහනකදී මගේ අදහස භාගෙට ප්‍රකාශ කරද්දී තමයි ඒක ඉවර කරන්නට නොදී විවිධ අසත්‍යය කාරණා කියමින් ඔවුන් මැද්දට පැන්නේ. අපේ රටේ එවකට විවිධ ඝාතන සිද්ධීන් සිදුවුණා. විවිධ සංවිධාන තිබුණා. කළු බළල්ලු, කහ බළල්ලු වැනි සංවිධාන

හා පෞද්ගලිකව පළිගනිමින් කළ ඝාතන තිබුණා. ඒ ඒ තත්ත්වයන් යටතේ සිදුවූ ක්‍රියා තමයි එදා සිදු වුණේ. එහෙම කෑල්ලක් අල්ලගෙන තමයි ජාතික ජන බලවේගයට මේ මඩ ගහන්නේ. ඒක ඒ අයගේ අඳබාලකම. හරි සංවාදයක් කර පුළුල් සාකච්ඡාවක් කරන්නට බැරි අඳබාල පොහොට්ටු මන්ත්‍රින්ලට මීට වඩා දෙයක් කරන්න බැහැ කියලා අපි විතරක් නෙමෙයි මුළු රටම දන්නවා.”

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *