ජනාධිපතිට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝගයක්..!

ජනාධිපතිවරයාට හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අග්‍ර විනිශ්චකාර ධුරය හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරු ධුර සඳහා නම් නිර්දේශ කිරීම වලක්වමිනි.

ජනාධිපතිවරයා විසින් වත්මන් අභියෝජනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස පත් කිරීමට කළ යෝජනාව ව්‍යවස්ථා දායක සභාව ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක් විභාගයට අවසර දෙමින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

ඔක්තෝබර් මස හතර වැනිදාට පෙත්සම් විභාගයට දින නියම කර ඇත.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *