න්දගාමී කාලයන්හිදී මෙන් නොව දේශපාලන අර්බුද මතුවී කුණාටු තත්වයන් නිර්මාණය වූ විට සමාජ ධ්‍රැවීකරණය තීව්ර වේ. එවිට කුඩා කුඩා පසමිතුරුතා අතහැර හැමෝටම ප්‍රධාන කදවුරුවලට එක්වීමට බල කෙරේ. ගාලූමුවදොර අරගලය සහ ඉන්පසු ගෙවීගිය ප්රතිසංවිධානයවීමේ කාලයද එවැනි කුණාටු සමයකි. ඒ කාලය තුළදී බොහෝ පිරිසක් රනිල් වික්‍රමසිංහ වටා ඒකරාශි විය. එයට එරෙහි පාර්ශ්වයේ ද ප්‍රධාන කේන්ද්‍ර දෙකක් නිර්මාණය විය. එකක් අනුර කුමාර ප්රමුඛ ජාතික ජන බලවේගයයි. අනෙක සජිත් පේ‍්‍රමදාසගේ සමගි ජන බලවේගයයි. මේ විපක්ෂ කේන්ද්‍ර දෙක පැවතුනේ එකිනෙකට ප්‍රතිවිරෝධි ලෙසය. ඔවුන්ගේ තරගය වූයේ රනිල්ට වඩාත්ම පසමිතුරු බලවේගය වීමය. එනම් රනිල්ගේ හො`දම ප්‍රතිමල්ලවයා වීමේ තරගයයි.
ඉහත තරගයේදි සජිත්ට අවාසි සහගත සාධක කිහිපයක් පැවතුනි. ඒ සජිත්ගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් වූ ආර්ථික ප්‍රතිසංස්කරණ යෝජනා බොහොමයක් රනිල් දැනටමත් ක්‍රියාත්මක කරන යෝජනා වීමයි. අනෙක බොහෝ සජිත් පාක්ෂිකයන් සිය ප්‍රථම පේ‍්‍රමයට ඇති බැදියාව විටෙක රහසින්ද, විටෙක ප්රසිද්ධියේද ප්‍රදර්ශනය කිරීමයි. ජාතික ජන බලවේගය සිය ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ යෝජනා හැකිතාක් ස
ගවා ගනිමින් දෛනික දේශපාලන සටන් පාඨ පමණක් සංවාදයට ගැනීමට උපක්‍රමශීලී විය. ඒ නිසාම ඔවුන් සමගි ජන
බලවේගයට සාපේක්ෂව රනිල්ගේ හො`දම ප්‍රතිමල්ලවයා වීමේ සටනින් පෙරමුණට පැමිණීමට සමත් විය.
ඉහත තත්වය තුළ විපක්ෂයේ කුඩා කණ්ඩායම් ජාතික ජන බලවේගය සමග සංධාන ගත වීමේ නිල නොවන සාකච්ඡුා අරඹා ඇත. එහෙත් ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණයකදී සිය අපේක්ෂකයා අනුර කුමාර පමණක්ම බව පුන පුනා තහවුරු කරන තත්වයක් තුළ ඔවුන් සමග සන්ධාන ගතවන ඕනෑම අයෙකුට හිමිවන්නේ අංක එක ස්ථානය නොව දෙවන ස්ථානය බව පැහැදිලිය. මෙයට පෙර මහින්දට, සරත්ට සහ සිරිසේනට එක දී, දෙක හෝ තුන වීමට ගත් තීරණවලින් බැටකා සිටින ජවිපෙ මෙවර එක අතනොහරින තත්වයක් තුළ ඔවුන් සම
ග එක්වන ඕනෑම අයෙකුට දෙකෙන් පමණක් සැනසීමට සිදු වන බව දැන දැනම ඩලස්, විමල්, චම්පික සහ අනුර කුමාර දිසානායකගේ කල්‍යාණ මිත්‍රයෙකු මේ ”දෙක” වීමට වෙන වෙනම සාකච්ඡුා අරඹා ඇත.
මේ සාකච්ඡුා සදහා යටිතල පහසුකම් සපයන සාම්ප්‍රදායික රජුන් තනන්නන් එකිනෙකාට වෙන වෙනම රහසිගත පොරොන්දු කෙතරම් ලබාදුන්න ද කෘතහස්ත දේශපාලකයෙකු ලෙස චම්පික රණවක වැන්නෙකුට දෙකේ ඒවා ගොඩකට ඉඩ නැති බව නොතේරෙනවා විය නොහැකිය.
90 දශකයේ මුල සිටම දේශපාලන කුණාටු මැදට නොබියව පය තැබූ චම්පික, අර්බුදයේ මැද නොසිට එක් පාර්ශ්වයක් ගෙන, ඒ වෙනුවෙන් කරදී උරදී තමන්ගේ පංගුව බෙදාගැනීමට සමත්කම් දක්වන ලදි. එහෙත් ගාලූමුවදොර අරගලය නිමවන විට චම්පික ඉතිහාසයේ පළමුවැනි වතාවට අර්බුදය තුළ සිය ස්ථානගතවීම සලකුණු කරගත නොහැකිව ඒ මේ අත සැරිසරනු දක්නට ලැබිනි.
සජිත්ගෙන් ගැලවී සිටියද ඔහු විශ්වසනීය ලෙස රනිල් සම`ග සිටගත්තේ නැත. එයට හේතුව සජබ තුළදී ඔහුට හමුවූ තවත් කේවට්ටයන් කිහිප දෙනෙකු විසින් ඔහු තැතිගැන්මකට පත්කිරීම විය හැක. කෙසේ නමුත් අතරමැද සිටීම භයානක ක්‍රීඩාවක් බව සිය දේශපාලන ඉවෙන් හදුනාගත් චම්පික යලි සජබය තුළ ස්ථානගත වීමට උත්සාහ කළ ද සිය නායකත්වයට චම්පික අභියෝගයක් ලෙස වටහාගත් සජිත් එයට එකහෙළාම සිය විරෝධය පළ කරන ලදි. රංජිත් මද්දුම බණ්ඩාරගේ මැදිහත්වීමෙන් යලිත් වටයකින් එම යෝජනාව සජිත් වෙත ඉදිරිපත් වූ විට සජිත් ප්‍රකාශ කර ඇත්තේ ”එහෙනම් නොමිනේෂන් චම්පිකට විතරයි. කණ්ඩායමකට බෑ” යනුවෙනි. එවිට රංජිත් මද්දුම බණ්ඩාර ”කරූ පරණවිතාන හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙක් නිසා ඔහුට දෙන්න වෙයි නේද?” ඇසූවිට, සජිත් පවසා ඇත්තේ ”රත්නපුරේ දැන් ඉන්න අය ඒකට කැමති නෑ” යනුවෙනි.
සජබෙට එක්වීමේ උත්සාහය අසාර්ථකවීමත්, ජ.වි.පෙ, ස.ජ.බ හොඳම ප්‍රතිමල්ලවයා වීමේ සටනින් ජ.වි.පෙ ජයගනිමින් සිටීමත් යන සාධක දෙකම නිසා ”අපි ‘එක’ අතෑරලා දැනට ‘දෙක’ ගමු, ජ.වි.පෙ සහ අපි එකතු වෙලා මැද පන්තියට කතා කරන හොඳම සෙන්සර් එක හදමු” යැයි චම්පිකගේ අලූත් කේවට්ඨාචාරීන්ගේ උපදෙසට චම්පික එකඟවීමට සිදුවී ඇති බව පෙනේ. එහෙත් අනුරගේ ”දෙක” වීමට තවත් කිහිපදෙනෙකු උත්සාහ දරමින් සිටින බව හොඳින්ම දැනගෙනත් එම කේවට්ඨාචාරීන්, චම්පිකගේ පය බොරු වලක් මත පතිත කරවීමට චම්පිකව පොළඹවා, සජිත්ගේ හොට බිම ඇන්නවූ ආකාරයටම චම්පිකගේ පැන්සලේ තුඩද කඩා දැමිමට උත්සාහ දරනවා විය හැක. සජිත් මෙන් හය හතර නොදන්නා දේශපාලන ළදරුවෙකු නොවන චම්පික තම ජීවිතයේ එකම සිහිනය වූ කවදා හෝ රන්පතක් මත සිය අත්සන තැබීමේ සිහිනය බොඳ කරගනිමින්, කේවට්ඨයන්ට පැන්සල් තුඩ කඩා දැමීමට ඉඩ දෙයිද?