වෛද්‍යවරයෙකුගේ ගෙලට බලු දම්වැලක් දමා පහරදී රෝහලේ දණගැස්සූ බවට චෝදනා එල්ල වූ හිටපු ගුවන් නියමු වූ දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය කටයුතු කර තිබේ.
පොලිස් විසින් අත්අඩංගුවට ගත් එම සැකකරු සඳහන් කර ඇත්තේ තම බිරිඳට අයුතු යෝජනා කරමින් ඇය සමග අනියම් සම්බන්ධතාවක් ගොඩනගා ගැනීමට එම වෛද්‍යවරයා උත්සාහ කරන බවයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා මිග් ගුවන් යානා ප්‍රහාරක ඒකකයේ හිටපු ගුවන් නියමුවෙකි.
මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ මීගමුව දිස්ත්‍රික් රෝහලේ මානසික වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරයෙකි.
එම වෛද්‍යවරයා සැකකරුගේ බිරිඳට නිතර දුරකතන ඇමතුම් දෙන බවත් පෙම් බස් දොඩමින් රාත්‍රී කෑම සඳහා කැඳවාගෙන යන්නට උත්සාහ ගන්නා බවක් විමර්ශනවලදී හෙළිවී ඇතැයි පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.