මොනරාගල SSP අත්අඩංගුවට..!

මොනරාගල දිස්ත්‍රික්ක භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර කුමාර පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් ඊයේ (ජනවාරි. 8) රාත්‍රී කාලයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

mawbima.lk කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මේ බව සඳහන් කළේ ය.

මොනරාගල පොලිසියට ලැබුණු තොරතුරක් මත ඊයේ දිනයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය සිදු කළ වැටලීමකදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

එලෙස සිදු කළ වැටලීමකදී පොලිස් අධිකාරීවරයාගේ නිල නිවසේදී ගංජා පැළ 350ක් සහ පොළව අභන්තරයේ නීරීක්ෂණය කළ හැකි ස්කෑනර් යන්ත්‍රයක් සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදු කරයි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *